(රංජන් කස්තුරි)
වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව නාඩු කිලෝව රුපියල් 75කට, සුදු හාල් කිලෝව රුපියල් 60කට පොන්නි සම්බා කිලෝව 76කට අලෙවි කිරීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ.
සහල් සඳහා පැවති රුපියල් 5ක බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි සත 25 දක්වා අඩු කර ඇත.
ආනයනික මාළු සඳහා පැවති රුපියල් 75 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබේ.
කුකුළු කෑම සඳහා භාවිත කරන බඩ ඉරිඟු සඳහා කිලෝවට රුපියල් 70ක්ව පැවති සියලු බදු ඉවත් කර ඒ වෙනුවට රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පමණක් පනවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd