(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මුල් මාස අටේදී සහල් ආනයනය සඳහා රුපියල් කෝටි 17කට වැඩි මුදලක් වැය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයන වියදම 2,346.4 % කින් ඉහළ ගිය බව ද මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදෙයි.
පසුගිය වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයනය සඳහා රුපියල් ලක්ෂ 72 කට වැඩි මුදලක් වැය වී තිබෙන නමුත් එය මේ වසරේදී රුපියල් ලක්ෂ 1,690 කට වැඩි මුදලකින් එනම් රුපියල් කෝටි 17කට වැඩි මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත අනාවරණය කර තිබේ.
දේශීය වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය සපුරාලීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස අඛණ්ඩව සහල් ආනයන වියදම ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් ලක්ෂ 8ක් වූ සහල් ආනයන වියදම මේ වසරේ අගෝස්තු මාසයේදී 2,494.8 % කින් හෙවත් රුපියල් ලක්ෂ 213ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු දත්තා වාර්තා තවදුරටත් සඳහන් කරයි.
COMMENTS
කලින් රට විනාශ කළා. ජය වේවා, යහපාලනයට !!!
අවුරුදු 3 කට කලින් සහල් අතිරික්තයක් සහ අපනයනය කල රටක් මේ දේශපාලකයෝ අද වන විට ඇද දමා ඇති තැන.. තවත් ඉවර නැහැ.. කාලයක් විඳවන්න වේවි..
එන්න එන්නම රට විනාශ වෙනවා.
සහල් ආනයන මිල කොටි 50 කින් නැග්ගාත් කරන්න දෙයක් නැත. කීය ගියත් මිනිසුන්ගේ අහර වෙලා සපයන්න උවමනාය. මහා බැංකු කොල්ලයන් බිලියන් ගන්නන් මහජන මුදල් කොල්ලකන, එසේ කොල්ල කන්න උදවු පිරිස් වලට කොටි ගණන් බෝනස් දීපු මෙරටේ පාලකයින් උන්ගේ පරිබෝජනයට කෝටි ගණන්වල වාහන ගෙනෙනවානම් මහජනයාගේ අාහාර වලට යන මුදල් ගණන් බලන්නේ මොන කෙහෙල්මලටද?
තුන් වේලම බත්කන ජනතාවක් ඉන්න රටක් සහල් පිටරටින් ගෙන්වනවා කියන්නේ ආණ්ඩුවට කෙසේ වෙතත් අපිට විලි ලැජ්ජයි.
රට මැද හරි වෙල්යායයි ..බැලුවම හරි සිරියාවයි ...නැවෙන් ගෙනත් හාල් බානවා ඔ්යි... ඒ රටේ මිනිස්සු(ඇමතිවරු) තනිකර කෙලින්නේ පිස්සු
සහල් (වී) අතිරික්තයක් තියෙනවා කියා අවුරුදු දෙකකට තුනකට කලින් මත්තල ගුවන් තොටුපොළේත් වී ගබඩා කල රටද මේ? ඔන්න යහපාලනය රටට කරපු දේ. දැන්වත් මිනිස්සුන්ගේ ඇස් ඇරුණොත් ලොකු දෙයක්.
කෝ මේ පිටිගල මිලානෝ, දාන්නකෝ කමෙන්ට් එකක්.
ඇත්ත වශයෙන්ම සහල් ආනයනය කරන්නට සිදු වුනේ මහ කන්න දෙකක් නියගය නිසා හරි හැටි වගා නොකරන්නට බැරි වූ නිසයි. ඒක රජයේ වැරද්දක් නොවේ.