IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ මාධ්‍ය ලේකම් රඳවා ප්‍රශ්න කරන්න අවසර

 (උපාලි ආනන්ද)
 
මැදවච්චිය තල්ගස්වැවදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තවුහිත් ජමාත් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා බව කියන සැකකරු පැය 72 ක කාලයක් රදවා තබා ගෙන  ප‍්‍රශ්න කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක ප‍්‍රසන්න සමරසිංහ මහතා මැදවච්චචිය පොලිසියට නියෝග කළේය.
 

 මෙම සැකකරු සම්බ්න්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය .

 මෙලෙස රදවා තබා ගෙන ප‍්‍රශ්න කිරීමට නියෝග කලේ මැදවච්චිය තල්ගස්වැව ලිපිනයේ අබිදුල් ලතීෆ් මොහොමඞ්  නැමැත්තාගෙන්ය

 මෙම සැකකරු දරුවන්  හය දෙනෙකුගේ පියෙකු වන අතර ඔහුගේ බිරිද 7 වැනි දරුවා ප‍්‍රසූත කිරීමට සුදාම්නව සිටින බවද  පොලිස් පරීක්ෂණවලදී හෙළිව  තිබේ. මෙම සැකකරු තවුහිත් ජමාත් සංවිධානයේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සංවිධායකවරයා ලෙස කලක්  කටයුතු කර ඇති බවත් මේ වන විට එම සංවිධානයේ නායකයා ලෙස  සැලකෙන  සහරාන්  හසීම්ගේ මාධ්‍ය ලේකම්වරය ලෙස කටයුතු කරන බවත් දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණ   වී තිබේ.
 
 21 වනදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලින් පසුව  කොළඔ ප‍්‍රදේශයේ සිට මැදවච්චිය තල්ගස්වැව පිහිටි ඔහුගේ නිවසට පැමිණ ඇති මෙම සැකකරු වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙකි

මිහින්තලේ පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ බලකා නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව විමර්ශන මෙහයවා මෙම සැකකරු අත් අඩංගුවට ගැනිනි.
 
 උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් ප‍්‍රතාප් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය  වැඩිදුර විමර්ශණ සිදු කෙරෙයි.



අදහස් (0)

සහරාන්ගේ මාධ්‍ය ලේකම් රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site