(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැනගෙන සිටියද ඛනිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීමට අවශ්‍ය පියවරක් ගෙන නොතිබූ බව ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ සිවු පුද්ගල ඇමැති අනුකමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොයෑම, තොග කළමනාකරණය නොකිරීම ඇතුළු කරුණු රැසක් ඉන්ධන අර්බුදයට හේතුවී ඇති බව ද එම වාර්තාවේ සඳහන් බව පැවසේ.
මේ සම්බන්ධයෙන් විශේෂඥයන් ලවා තවදුරටත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට කමිටුව නිර්දේශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහොමයක් රජයේ ආයතනවල තත්වය ඕකයි. ආයතන ප්‍රධානීන් ඔහේ තියෙන දේට මොකක් හරි කර කර ඉන්නවා මිසක් ආයතනයේ වගකීම් මොනවද, ඉදිරි දියුණුව සඳහා කුමක් කලයුතුද ආදිය ගැන කිසිම අවබෝධයකින් නෙමෙයි ඉන්නේ. ඉදිරි සැලසුම් හදන එක කළමනාකාරිත්වයේ අනිවාර්යම, බැහැර කල නොහැකි වගකීම බවවත් මේ නිලධාරීන් සහ ඇමතියන් දන්නේ නැද්ද? රට දුවන්නේ නැත්තේ ඔන්න ඕකයි. කිසිම දෙකට සුදානමක් නැහැ. ඒ වෙලාවට මොකක් හරි කිරීම තමයි මොවුන්ගේ කළමනාකරණය!
ඉතින් බන් ඕක කියන්න සිවු පුද්ගල අනු කමිටු ඕන ඇයි. ඕන ගොනෙකුට ඕක කියන්න පුළුවන් නේ.... දැන් බලන්න ඔය කමිටු අර කමිටු කියල එතනත් බොරු නස්තියනේ.....
ඛනිජ තෙල් සංස්ථාවට දොස් කීම තේරුමක් නැති දෙයක් . ඛනිජ තෙල් ඇමතිතුමා අසමත් තෙල් කළමනාකරණය කිරීමට. ඇමතිතුමාගේ නොහැකියාව.
ගණන් ගන්න එපා ඇමති තුමා දැන් අපේ අයට අමතකයි තෙල් අර්බුදයක් තිබුනාද කියා. 30 අවුරුදු යුද්දයක් තිබුනාද කියා අමතක අපේ සිංහල අයියලාට තෙල් අර්බුදය ළූණු බිකක් තරම්වත් නැත. ඒගොල්ලන්ට පෝලිමේ හිටපු එකත් ජොලියක්
ඔය කරන්න හදන්නේ කනිජ තෙල් සංස්ථාව හොද නැ කියල ඉන්දිආන් ඔයිල් සමාගමට රටේ බලශක්තිය පාවා දීමටයි. 2002 රනිල් ඕක තෙල් වෙළදාමෙන් කොටසක් ඉන්දිඅන් තෙල් එකට දුන්නේ හරි ගිවිසුමක් ගහල නෙමෙයි. මහින්දත් එක ගන්න උත්සහ කලේ නැ. රටේ මිනිසුන්ට මුහුදට පනින්න තමා වෙන්නේ මේ යන විදිහට.
තෙල් සංස්ථාවට ඇමතිවරුන් හා මන්ත්‍රී වරුන්ගෙන් ලැබියයුතු මුදල්? අනිකුත් රාජ්‍ය ආයතන වලින් අයවියයුතු මුදල් වෙන්වෙන් වශයෙන් පලකරන්න. එතකොට මැනගන්න පුළුවන් අර්බුදයේ මුලීකය. හැම ඇමතිගේ වාහනේට ඇමතිගේ හෙන්ච්යියගේ වාහනේට ආදී වශයෙන් ලබාගන්නා තෙල්වලට ගෙවන්නේ නැතිව කොහොමද ආයතනයක් පවත්වාගෙන යන්නේ. නිසිකලට බොහෝ ආයතන මුදල් නොගෙවනබව පසුගිය දිනවල කිව්වා නේද?
IOC එකට වරද පටවන්න මේක කලා විය හැක. කලින් වැඩ වර්ජනය එක සාර්ථක නොවුනේ IOC තිබුන නිසා. කොහොම වුනත් තව එක සමාගමක් ඉන්න ඕනේ. මිල සුත්‍රයත් දන්නා ඕනේ. එවිටත් CPC පාඩු ලබන්න බැහැ. CPC එකට කැමති නැත්තේ එවිට ඔවුන්ට බොරුව නැතුව වැඩ කරන්න වෙන නිසා.
තෙල් හිගයක් නෑ මිනිස්සු බොරුවට කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ගැසිලා කියල කියපු කටියම දැන් කියනවා තෙල් හිගයක් තිබුනලු. චේතිය පරපුරේ නුතන පුරුක තමයි යහපාලනය.
වහාම වගකිවයුතු අයට දඩුවම් කරන්න එහෙම නැතිව මේ රට හදන්න බැහැ..
ඇමති තුමාට තමන්ගේ පවුලේ පිරිසට සලකලා ඔවුන්ට දෙන ජොබ් ගැනයි ඔහුගේ අර වරායේ සිටිය ලේකම් තුමියන්ට (මෙඩිකල් ක්ලිනික් එකේ) සලකන එකයි ප්‍රමුකත්වය. වෙලාවක් තිබුනොත් තෙල් බෙදන එක ගැන සලකලා බලයි.
කොහොමත් මේ කුමන්ත්‍රණයේ යටි අරමුණ තුන්වන ඉන්ධන සමාගමක් රට තුල කරලියට ගෙන ඒම තමා. ඒ කටයුත්තට ගානට පාර කැපෙන පාටක් තමා පෙන්නේ. ලොක්කන්ට හිතවත් කෙනෙකුගේ සමාගමක් තමා මේකේ යට ඉන්නේ.
ඔය කමිටු ප්‍රධානියගෙන් කවදාවත්,සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ.
යටි අරමුණු ගැන කියන්න දන්නේ නෑ නමුත් ඔය කමිටුව කිඋ දේ අපිත් දැනගෙනනම් සිටියා
කඩාකල්පල් වැඩ.
ඔය තෙල් කමිටුවත් තමුන්ගේ විශේෂඥ දැනුම දෙන්න තෙල් අර්බුධයක් රටේ ඇතිවුනාට පස්සේ ඒ ගැන සොයා බලන කමිටුවට පත් කරනකල්ම හිටියද? කමිටුවට මේගොල්ලන්ව පත් කලාට පස්සෙද මෙගොල්ලටන්ට මේ නුවණ පහල වුනේ. මේගොල්ලොත් කැබිනට් එකේම සාමාජිකයෝ නොවෙයිද? මෙහෙම හදිස්සි තත්වෙකට මුහුණ දෙන්න සුදානමක් තිබිය යුතුයි කියාලා දැන්ද මේගොල්ලන්ට කියන්න මතක් වෙලා තියෙන්නේ?