(හර්ෂණ තුෂාර සිල්වා)
අද රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නෙයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දැනට වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය නිසා තද සුළං සහ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදු බඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 වැඩි වේගයකින් ද ගොඩබිම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80කට ආසන්න වේගයක සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අධමයො ඉන්න රටක්.බොරුවට රටට විපතක් වෙනව කියලත් සතුටු වෙන ජාතියක් නූතන සිංහලය. හරි තොරතුරක් හොයාගෙන ජාතියට දෙන්න තරම්වත් මොලේ නැති හරක්.
ලංකාවේ කාලගුණික දෙපාර්තමේතුව හොදයි පොඩි ළමයට. ඔයාලට ඇත්ත දැන ගන්න ඕන නම් USA කාලගුණික අශයක් වෙන JTWC ගොස් ලංකාවේ කාලගුණය බලාගෙන අනතුරු වලින් බේරෙන්න....
කුලාල්ද? හලාල්ද?
කඩිනමින් දැනුම් දෙන්නේ කොහොමද ? අපිට මුළු රෑම කරන්ට් තිබුණේ නැහැනෙ .
දැන් බොරු ඇත්තවෙලා. යකෝ මුන්ට පඩි ගෙවල තියන් ඉන්න එකත් වැඩක් නැහැ.
බොරුවක් කියල කියපු එක බොරුවක් වෙලා
හරි අද නොවෙම්බෙර් 30 වෙලාව උදේ 10.30. බලමු අද කාලගුනේ රෙදි ඇඳලද කියල
"සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි." ඔව් ඔව් අපිත් ඕවට රැවටිලා දැන් කියන කිසිම දෙයක් විලුඹෙන් ඉහලට ගණන් ගන්නේ නැත. රටට වැඩක් කරපු ආණ්ඩුවලටත් විරුද්දව සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කිසිදු සත්‍යතාවක් නැති කතාවල ප්‍රතිඵලය තමයි සුදුවෑන් වල ගමන් බිමන් ලැබීම. ඉතින් ආණ්ඩුවලට දොස්කියලා වැඩක් නැත.
"ඕවට රැවටෙන්න එපා" කියන කතාව එන්න ඕනේ නිලධාරීන්ගෙන් හෝ දේසපාලකයන්ගෙන් නොවෙයි පීඩනයට පත් ජනතාවගෙන්. කොයි ආණ්ඩුවේ වුණත් ඇමතියෙක් කියන්නේ බොහෝ සෙයින් බොරු කාරයෙක්. 2004 වසරේ සුනාමිය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න හා අවදානම් පෙදෙස් වලින් ඉවත් කරන්න (මුල් රළ පහර නැගෙනහිර වෙරළට කඩා වැදුණු පසු) පැය එකහමාරකට වඩා කාලයක් තිබුණත් අප ඒ ගැන එවකට තිබු රජයේ බලවත් ඇමති කෙනෙකුගෙන් විමසු විට ඔහු කියා සිටියේ ජනතාව දැනුවත් කරන්න අවැසි සියලුම පියවරවල් ගත් බවයි. ඊයේ සහ පෙරේදා ලංකාවට සුළි සුළඟකින් හානි සිදුවිය හැකියැයි සමාජ වෙබ් අඩවි මගින් ජනතාව දැනුවත් කරන්න. සාමාන්‍ය ජනතාවගත් උත්සාහය මෝඩ අමාත්‍යවරයෙක් "ඔය බොරුවලට රැවටෙන්න එපා" කියා ජනතාව රැවටෙව්වා. මෝඩයින් සමග එදත්, අදත් දුක් විඳින්නේ මේ වංචනිකයින් මැති සබයට යැවූ සාමාන්‍ය ජනතාවයි.