IMG-LOGO

සූර් වී ආ පියා පුතාට පහර දී කකුල් දෙක කඩලා


                    
(රොමේෂ් මධුෂංඛ)

මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දරුවෙකුට (12) ඔහුගේ පියා පහර දීම නිසා දරුවා ඊයේ (16) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

පියා විසින් කළ පහර දීම නිසා දරුවාගේ පාද දෙකටම බරපතල ලෙස හානි සිදුවී පාද දෙකේම අස්ථි බිදී ගොස් ඇතැයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පවසති.

බීමත්ව පැමිණි සැමියා මුළු රැය පුරාම පහර දුන් බව තුවාල ලබා ඇති දරුවාගේ මව පොලීසියට පවසා ඇත.
මාන්කුලම පොලීසිය හා වවුනියාව රෝහල් පොලීසිය එක්ව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇතත් සැකකාර පියා මේ වන විට නිවසින් පලා ගොස් ඇති බව වාර්තා වේ.



අදහස් (3)

සූර් වී ආ පියා පුතාට පහර දී කකුල් දෙක කඩලා

Thusha Tuesday, 17 April 2018 07:47 AM

මුළු රැයක් පුරාවටම, දරුවාට පහර දෙනකම් බලා හිටියේ ඇයි? අසල්වැසියන්ට කියා හෝ පොලිසියට කියා හෝ මේ අසරණ දරු පැටියාව බේරා ගැනීමට මේ මවට නොහැකි වූයේ ඇයි?

:       0       0

Sanath Tuesday, 17 April 2018 08:57 AM

අවුරුදු 25ට අඩු තාත්තලා ළමා මානසිකත්වයෙන් සම්පුර්ණයෙන්ම අත්මිදිලා නැතිනිසා දරුවන්ගේ වටිනාකම දන්නේ නැහැ. බටහිර රටවල කරන ලද සමීක්ෂණ වලිනුත් පැහැදිලිවන්නේ වයස වැඩි දෙමව්පියගේ කුඩා ළමයින්ට ලැබෙන ආදරය සහ රැකවරණය, අනෙක් පාර්ශවයට වඩා කිහිප ගුණයකින් වැඩි බවත් එම දරුවන්ගේ අනාගතය ඉතා යහපත් වන බවත්ය...

:       0       0

rocky Tuesday, 17 April 2018 01:00 PM

මේවා අහනකොට ඇඟ හිරි වැටෙනවා. ඔය කියපු අධමයා කකුල් හතරේ කෙනෙක් වෙන්න ඇති. අත්අඩංගුවට ගත්තු හැටිය හොඳට සලකන්නැයි තියෙන්නේ! දරුවාගේ අම්මට තිබුනේ පොල්ලක් අරන් ඔය යකාගේ ඔළුවට ගහන්නයි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site