(අංජුල මහික වීරරත්න සේරුවාවිල සිට)
සේරුවිල පුදබිමේ පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් අනුව දියුණු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සේරුවාවිලදී අද (31) පැවැසීය.
සේරුවාවිල පුද බිම දියුණු කිරීම සිංහල බෞද්ධයන්ට පමණක් නොව දෙමළ සහ මුස්ලිම් ජනතාවට සෙත සැලසීමක් බව කී අග්‍රාමාත්‍යවරයා සේරුවාවිල පුදබිමේ දියුණුව යනු අවට ගම් රාශීයක දියුණුවක් බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය ප්රතිසංස්කරණයෙන් පසු විවෘත කිරීම සහ නව විහාරාංග කිහිපයක් විවෘත කිරීම මෙන්ම පුජා භූමි සංවර්ධනය පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මාර්ගය විවෘත කිරීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා යුද සමයේ විනාශ වූ සංඝාවාසය සහ ධාතු මන්දිරය නිරීක්ෂණය කළ අතර ඉතා ඉක්මණින් ඒවා සංරක්ෂණය කරන බව දැනුම් දුන්නේය.
නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවාවිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී සේරුවාවිල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නාහිමියන් මෙහිදී පැවැසුයේ යුද සමයේ අනාථ වූ ජනතාව පවා මෙම ගොඩනැගිලිවල නවාතැන්ගෙන සිටි බවයි.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා සේරුවාවිල සංඝකිත්ති සංඝාවාසය සහ මන්දිරය විවෘත කිරීමටද එක්විය.පුරාවිද්‍යා කැණීම් වලදී සොයාගත් නයිපෙන නවයකින් ආවරණය කරගෙන සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කිරීමටද අගමැතිවරයා අතින් සිදු කෙරිණි.
ඡායාරූප - ඉෂාන් සංජීව
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සේරුවිල පුදබිම නව සැලසුම් අනුව දියුණු කරන බව අගමැති කියයි
Bamunuarachchi Friday, 31 August 2018 03:42 PM
හාමුදුරුවනේ ඔය ලැබුණ ටික පරිස්සම් කර තබා ගන්න...... උදේ සවස කට්ටකුමන්ජල් දුන් ඇල්ලුවත් කමක් නැත.
ඇත්ත සත්‍යපාල Friday, 31 August 2018 11:26 PM
ඉන්දියන් හෝ චීන කොම්පැනියක් ගෙන්නලා සේරුවිල පුදබිමේ හෝටලයක් දාන්න යෝජනා කරන්න ඇති.
lalith Saturday, 01 September 2018 11:52 AM
ඒ කරලා සේරුවිල මහා සෑය රනිල් වික්‍රමසිංහ මහරජතුමා විසින් කරවන ලදී... කියලා ගල් පුවරුවකුත් ගහනවද?
RaveendraSunday, 02 September 2018 12:58 PM
නැතුව... නැතුව පුතේ... මේ ඔක්කොම මගේ වියදමින් මහජන මුදලින් නිසා සුත්තර පුංචා රජතුමා විසින් කරන ලදී..