(රොමේෂ් මධුෂංඛ )
ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහණයක් අද(26) උදෑසන වසර 10 කට පසුව උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
උතුරු පලාතේ මුලතිව් ,යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්ට ඉතා හොඳින් මෙම වලයාකාර සූර්යාග්‍රහණය නිරීක්ෂණය වූ අතර එම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා තාරකා විද්‍යා නිරීක්ෂණ කමිටුද අද උතුරු පළාතට පැමිණ සිටියහ.
මේ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සූර්යග්‍රහණය වෙනුවෙන් විශේෂ වූ නිරීක්ෂණ කඳවුරක් ඉදිකර තිබූ අතර මේ සඳහා යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි තාරකා විද්‍යා නිරීක්ෂණ නිලධාරීහු සහභාගී වී සිටියහ.
සූර්යග්‍රහණය නැරඹීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් මෙන්ම යාපනයේ පාසල් රැසක සිසු දැරියෝ යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ සිටියහ.
එමෙන්ම තාක්ෂණ හා නවඋත්පාදන අමාත්‍යංශයද පූර්ණ සහය ලබා දී තිබූ අතර සූර්යග්‍රහණය නැරඹීම සඳහා තාක්ෂණ හා නව උත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාද සහභාගී විය.









( රොමේෂ් මධුෂංක - වව්නියාව)
COMMENTS
අමතක වෙලා කෙලින්ම බැලුනා.. දැන් අන්ධ වෙලා ඉන්නේ...
"සූර්යයා, එය චන්ද්‍රයාට ළඟාවීමට හෝ රාත්‍රිය දහවල පෙරටු කිරීමට හෝ නොහැක. තවද (ග්‍රහයන්) සියල්ල (ඒවාට හිමි නිශ්චිත) කක්ෂයක යයි"
ලෝකයේ කලාතුරකින් දකින්නට ලැබෙන සංසිද්ධියක් බැවින් අපිද නැරඹුවා.
මෙය සිද්ධිය පිටුපස ඉන්නේ අපගේ සර්වබලධාරී දෙවි පියාණන්ය. එතුමා විවිධ ප්‍රාතිහාර්යය කරමින් අපව අමන්දානන්දනයට පත් කරනු ලබන සේක.
හිරා, මෙතරම්ම මැවුම්කරු ප්‍රාතිහාර්ය දක්වනවා නම්, අප්‍රේල් 21 පල්ලියටම ඇවිල්ලා ගහලා යනකම් කොහෙද හිටියේ? ලෝකයට විහිළු සපයන්න එපා. මොකද මැවුම් වාදය නවීන විද්‍යාවෙන් බොරුකර හමාරයි. ලෝකය පැතලි කියපු කාලයකුත් තිබුණා මතකද? ඒ පොත් දැන් බහුතරයක් විනාශ කරලා ඉවරයි..
දැන් නක්ෂත්‍රකාරයො අර ලග්නෙට මෙහෙමයි අර ලග්නෙට මෙහෙමයි කියල කියාවි. හැබැයි මේගොල්ලන්ට මේ ග්‍රහන ගැන කිසිදු අනාවැකියක් කියන්න බැහැ විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව. ග්‍රහලෝක ගැන කියන ,හොයන මේ කේන්දර කාරයො ක්‍රි ව 1571 උපන් ජර්මන් ජාතික කෙප්ලර් හොයාගත් ග්‍රහලෝක වල ගමන ගැන කියන නියමයන් තුනවත් දන්නවද කියල මං අහන්නෙ.
මරු, සුපිරී.