IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සයිටම් සිසුන් පිරිසක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලයි

රංජන් කස්තුරි

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉකුත්දා ශ්‍රීලංකා වෛද්‍ය සභාවට පැමිණ තමන්ට ලියාපදිංචිය ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

සයිටම් වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුන් 83 දෙනෙක් පැමිණ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ වැඩබලන ලේඛකාධිකාරීවරයා හමුවී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව තමන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

එහිදී ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ වැඩබලන ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු මහතා සිසුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව වෛද්‍ය සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවය.

එම සාකච්ඡාවෙන් පසුව වෛද්‍ය සභාවේ අදහස් ප්‍රකාශ කරන බවද වැඩබලන ලේඛකාධිකාරීවරයා සයිටම් සිසුන්ට දැනුම් දී තිබේ.

මලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවියක්ට ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී තිබූ අතර එම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඉකුත් දා තහවුරු කර තිබිණි.



අදහස් (10)

සයිටම් සිසුන් පිරිසක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලයි

Perera Thursday, 27 September 2018 07:36 PM

රටේ සාමානය අධිකරණ පද්දතියේ ඉහලම අධිකරණ දෙකේ තීන්දු වලට GOMA එකේ අයයි වෛද්‍ය වෘතියට සම්බන්ධ තව තව අයයි එයාලට ඕන විදිහට තීන්දු නොලැබුනොත් අවනත වෙන්න අකමැති නිසා මේ වගේ වැඩ වලට වෛද්‍යාධිකරනයක් පිහිටවල වෛද්‍යවරුන්ව විනිසුරුවරුන් විදිහට පත් කරලා එයාලට ඕන විදිහට තීන්දුව ගන්න පුළුවන් විදිහට අධිකරණයක් ඉල්ලලා වැඩ වර්ජනයක් කරන්න ඔන්න පොටක්.

:       0       1

පිටිගල මිලානෝ Thursday, 27 September 2018 08:39 PM

අනේ මගේ බයිපාස් එක කරලා දෙන්නකෝ සයිටම් වෙදුනේ. මට නික්ම යාමට කාලය දැන් පැමිණ ඇත. ඔබට බොහොම පින්.

:       0       1

Jayasiri Thursday, 27 September 2018 09:06 PM

මෙම නියෝගය වහාම පිලිපදිනු!

:       0       1

Ananada Friday, 28 September 2018 12:42 AM

මොනවද මහත්වරුනි ආයෙත් සාකච්චා කරන්නෙ. නිකන් ලෙඩ දාගන්නෙ නැතිව වහාම එම සිසුන් ලියාපදිංචි කරන්න. බංකොලොත් දේශපාලනඥයන්ගෙ ලනු කාලා සයිටම් සිසුන්ට දාන්න පුළුවන් ලෙඩ ඔක්කොම දැම්ම. වැඩක් වුනේ නැහැ. ඒව ඔක්කොම පුස් වෙඩි. GMOA එකට තියෙන්නෙ තමන් රජයේ සේවකයන් බවත් , රජයට නියෝග දෙන්න බැරි බවත් දැන්වත් තේරුම් ගන්න එකයි. ශ්‍රේෂ්ඨාධිකරනයේ අවසන් තීන්දුව අනුව, දැන් මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලයට සිය කටයුතු කර ගෙන යාමට කිසිම බාධාවක් නැහැ. හෙට අනිද්දට SLMC එකේ සංයුතිය බ්‍රිතාන්‍ය ආදර්ශයට ගෙන නැවත ප්‍රතිව්‍යුව ගත කලාම ඔක්කොම කේස් අහවරයි.

:       153       140

Nuwan Friday, 28 September 2018 01:40 AM

කිදෙනකුට S-3 වත් තියනවද දන්නේ නෑ, කොතලාව්ලට දාපු සයිටම් අයගෙන් 50 වඩා S-3 වත් නෑති අය.

:       1       72

Rangana Friday, 28 September 2018 02:21 AM

ලංකාවේ ලෙඩ්ඩුන්ට නම් දෙවියන්ගේම පිහිටි දැන්. සයිටම් ඕනි කිව්වා අයත් එයිනේ එයාලගෙන් බෙහෙත් ගන්න.

:       2       32

දිමුත් Friday, 28 September 2018 04:50 AM

දැන් ඉතින් අපිට බෙහෙත් ගන්න යන්න වෙන්නේ මැරෙන්න බලාගෙන තමයි!

:       103       129

සෙනෙවි Friday, 28 September 2018 06:04 AM

ප්‍රමිතියක් නොසලකා ලියාපදිංචි කරන්න කියලා උසාවියෙන් කියනවා නම් වෛද්‍ය සභාවක් අවශ්‍යද?

:       1       33

wedage Friday, 28 September 2018 08:00 AM

ඉතින් සයිටම් වෛද්‍ය සභාවක් පටන්ගන්න එකේ ලියාපදිංචි වෙන්න සයිටම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න මහජනතාවට ආරාධනා කරන්න ටිකක් අඩු මුදලට බෙහෙත් දෙන්න.

:       0       0

piyathilke Friday, 28 September 2018 08:13 AM

කිසිම කෙනෙකුට සුප්‍රීම් අධිකරණයේ තීන්දුවක් වෙනස් කල නොහැක. එබැවින් මෙයට වෛද්‍ය සභාවේ තීරණයක් අවශ්‍ය නැහැ. මෙමගින් ලේඛකාධිකාරිට ලියාපදිංචිය සදහා බලය ලැබේ. වෛද්‍ය ඇමැති මොහුට විරුද්ධව පියවර ගත හැක. ඇමති බලය පාවිච්චි කළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30856 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12949 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10930 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 844 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 249 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 902 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site