( චමිල් රූපසිංහ)
අහෝසි කිරිමට නියම වු සයිටම් ආයතනය රජය විසින් නිතිගත කිරිම යැමට විරුද්ධව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සිසුහු අද (08) ගලහ මංසන්දියේදි විරෝධතාවයක නියලුණහ.
පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු දිදුල අමරසිංහ පැවැසුයේ මේ සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුවට බොහෝ විට සයිටම් ආයතනය නිතිගත කිරිමට රජය සැලසුම් සකස් කර ගැනිමට බලාපොරොත්තු වන බවත් , ආණ්ඩුව මේ වන විට සයිටම් අහෝසි කළ බව පැවසුවත් එය කිසිම ගැසට් පත්‍රයක හෝ සඳහනක් නොමැති බවයි.
මේ සඳහා ස්ථිර නිසි විසඳුමක් ලබා දෙන මෙන්ද ඔවුහු රජයෙන් ඉල්ලිමක් කරති.



COMMENTS
අාණ්ඩුව සයිටම් එක වැහුවේ එහි දැවැන්ත අඩුපාඩු රාශියක් පවතින බව අකමැත්තෙන් වුවත් පිලිගැනීමට සිදු වු නිසා. හොඳයිනම් මොන බාධා අාවත් පවත්වාගෙන යන්න එපැයි. නමුත් අධිකරණ තීන්දු මත එහි වෙනසක් සිදු වෙනවනම් ගැටළුවක්. එහෙමනම් ඉතින් වෛද්‍ය සභාවකින් අැති වැඩක් නෑනේ. අධිකරණයකට පුලුවන්ද වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය තීරණය කරන්න. ඔවුන් දන්නේ නීති තර්ක පමනයි.
ලංකාවේ විශ්වවිද්‍යාල වලට තෝරාගන්නේ අවුරුද්දකට 27000 ක් විතර එකෙන් 1200 ක් වෛද්‍ය විද්‍යාලවලට ඉතුරු ළමයි 270000 රජය විසින් අනුකම්පා විරහිතව අමතක කරලා දානවා. විශ්වවිද්‍යාල වලට තේරෙන ළමයිනුත් මේ නොතේරුන 270000 ට ඔලුව උස්සන්න දෙන්න කැමති නැහැ. ඒ නිසා අමාරුවෙන් හරි සල්ලි වියදම් කරන්න පුළුවන් පවුල්වල ළමයි 13000 ක් විතර පිටරට විශ්වවිද්‍යාලවලට අතුල්වෙනවා. මෙයාලගෙන් 500 ක් විතර යන්නේ වෛද්‍ය විද්‍යාව හදාරන්න. මේ ඔක්කොම ළමයින්ට අපේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාල තිබුනානම් ලංකාවට ඉතුරුවෙන මුදල රුපියල් කෝටි 5000 ක් විතර කියලයි කියන්නේ. මුළු රටේම අධ්‍යාපනයට වියදම් කරන්නෙත් කෝටි 18000 ක් විතර.
සනත්.ඔබේ කතාව හරි. ඒ වුනත් අපේ රට වගේ දුෂිත දේශපාලුවන් පිරුන රටක නොයෙකුත් අක්‍රමිකතා සිදුවීම වළක් වන්න බැහැ. දේශපාලුවන්ගේ දූලා පුත්තු මුලික සුදුසුකම් වත් නැතුව සල්ලි බලෙන් දොස්තරලා වෙන්න ඉඩ නැද්ද?
කිසිම රටක නොකරන දෙයක් අපේ රටේ කරල දැන් අනාගෙන ඉවරයි. උසස්පෙළින් පසුව නොමිලේ අධ්‍යාපනය දෙන රටක් හොයාගන්න ලෝකේ කොහෙවත් තියනවද? ණය ක්‍රමයක් හඳුන්වලා දීලා දෙමව්පියන්ටත් බරක් නොවෙන විදියට වැඩිපුර ළමයි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය හදාරන්න ඉඩ සලසන ක්‍රමයකට යන්න කාලය හරි. මේ විදියට බෝඩ් අල්ලගන පාරේ හිටගන ඉන්න වියදම් වෙන්නෙත් රටේ මුදල්. තරුණ පාසල් දරුවෝ අනුකරණය කරන්නේ මේ පාරේ හිටගන සටන් පාඨ කියන වැඩිමල් සහෝදරයින්. ලංකාවේ සියලුම පුද්ගලික අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සොයා බැලිය යුතුයි. දරුවන්ගෙන් මුදල් සූරාගෙන පවත්වාගෙන යන හොර අධ්‍යාපන ආයතන දහස් ගණනක් ඇත. හදිසි වැටලීම් සිදුකර අපක්ෂපාතීව එම අධ්‍යාපන ආයතනවලට විරුද්ධව නඩු පැවරිය යුතුය. උසස් අධ්‍යාපන ආයතන රජයේ අනුග්‍රහය ඇතිව, අදාල ක්ෂේත්‍රයේ විශේෂ දැනුම ඇත්තන්ගේ උපදෙස් මත සිදුවිය යුතුයි. වැඩි පහසුකම්වලින් යුතු උසස් අධ්‍යාපන ආයතන වැඩි සංඛ්‍යාවක් බිහිවීමෙන් විශාල ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු සොයා ගත හැක.
මංජුල, ඔබ දන්නවාදැයි කියන්න මම දන්නේ නැහැ. හැබැයි මෙය රහසක් නෙවෙයි. දැනට මාස දෙකකට ඉස්සෙල්ලා ලංකාවේ සිසුන් 60 දෙනෙක් රුපියල් ලක්ෂ 90 ක් පමණ මුදලක් ගෙවීමට පොරොන්දු බීජිං රජයේ විශ්ව විද්‍යාලයකට එම්.බී.බී.එස්. හැදෑරීමට ගියා. ඔවුන්ගෙන් සමහරෙකුට (මගේ නෑ දරුවෙකුටත්) තිබුනේ S3 ක් බව දන්නවා. ඔහුට S3 ක් පමණක් තිබුණත් ඔහු දක්ෂ වෙෙද්‍යවරයෙක් වෙන බව එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උගන්වා අැති මට විශ්වාසයි. ඒ සියලු දෙනාම ලංකාවට අැවිත් දොස්තරලා ලෙස වැඩ කරන බවත් මට විශ්වාසයි. ලංකාවේම මෙන් දෙතුන් සැරේ විභාග කරන්න බීජීං වල නම් ඉඩ නොදෙන බව ඔහු මුලින්ම දැන්වූවා. ප්‍රශ්ණය S3 බීජිං රජයේ විශ්ව විද්‍යාලයකට හොඳ නම් සයිටම්ට නරක අැයි යන්නයි.
එංගලන්තෙට ගිහින් කතිකාචාරී තනතුරක් හොබවන බණ්ඩා මැතිතුමා වගේ අය ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරඹා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් නියාමනය වන පරිදි අපේ රටේ දරුවන්ට තම රටේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය වෙනුවෙන් හැංගිමුත්තන් කරන්නේ ඇයි කියල තමයි මට නම් අහන්න තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලය විනාශ කිරීමට පාර කපා රටේ දරුවන්ව චීනෙට යැවීමෙන් සතුටක් විඳීම ගැන අචාරීතුමාගේ ජාන පවා පරික්ෂාවට ලක්විය යුතු කාරණාවක් ලෙස තමයි මට නම් හැඟෙන්නේ. කොහොමත් විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉතාම සාධාරණ තීන්දුවක් දී තිබෙනවා. අනාගතයේදී, මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම වෙනුවෙන් එතුමා කටයුතු කරනු ඇතැයි කියා මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර මෙන්ම ජනතාවත් බලාපොරොත්තු වෙනවා.
මේ හැමදේටම පාරට බහින නඩේට ඔහොම්ම පාරේම ඉන්නට සලස්වන්න. හැකි නම් ඔවුන්ට අවශ්‍ය අාහාරපාන සහ වැසිකිළි පහසුකම් පාරේදීම ලබා දෙන්න. මීලඟට කළ යුත්තේ තව පුද්ගලික විශ්ව විද්‍යාල10 ක් පමණ විවෘත කර, ඒවායින් රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කර ගැනීමයි.
සයිටම් සිසුන් නීත්‍යානුකුල කිරීම සුදුසු නම්, එම සිසුන්ව බිහිකළ සයිටම් ආයතනය නීත්‍යානුකුල කිරීම නුසුදුසු වන්නේ කෙලෙසද? ඔය දෙකම ශ්‍රී ලාංකික නොවන්නේද? විශාල කන් දෙකක් හා පුංචි මොළයක් සහිත මීහරක්ට මදක් සිතිය යුතු කරුණක් ගැනයි මා මේ නිකමට සඳහන් කලේ? විජේදාස රාජපක්ෂ මැතිදුන්ට ජයවේවා!!!