(විනීතා එම් ගමගේ)
කළින් රජය සිදුකර තිබු පළාත් පාලන බලප‍්‍රදේශ පිළිබඳ සීමා නිර්ණ කටයුතු වත්මන් රජය නැවත සිදු කළත් කලින් කර තිබු සිමා නිර්ණ සියයට අනූ පහක්ම වෙනස් වූයේ නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
සීමා නිර්ණ කටයුතු මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර ආණ්ඩුව වෙනස් වූ පසු එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා තවත් පක්ෂ එම සීමා නිර්ණ කටයුතු පක්ෂග‍්‍රාහි බව පැවසීම හේතුවෙන් යළි සීමා නිර්ණ කටයුතු කළ බව ද අමාත්‍යවරයා කියයි.
යළි සිමානිර්ණ කටයුතු කිරීමට සිදුවීම පළාත් පාලන ඡන්දය පමා වීමට එක් හේතුවක් යැයි කී අමාත්‍යවරයා දැන් ඒ සියල්ල අවසන් බැවින් මැතිවරණය ඕනැම වෙලාවක පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබී ඇතැයි ද කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.