තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.
ලොව පුරා රටවල් 163 ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර 67 වැනි ස්ථානය හිමිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 13කින් ඉදිරියට පැමිණිමක් වේ.
සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
එම කලාපයේ සාමකාමී රට බවට මෙවරත් පත්ව ඇත්තේ භූතානයයි.
අඛණ්ඩව 10 වැනි වසරටත් ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්ව ඇති අතර නවසීලන්තය, ඔස්ට්‍රේයාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය, පළමු රටවල් 05 අතරට අයත් වෙයි.
අඛණ්ඩව පස්වැනි වරටත් ලෝක සාම දර්ශකයේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ සිරියාවයි.
එක් එක් රටවල සමාජ සුබසාධනය හා ආරක්ෂාව, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම් ආදී කරුණු 23ක් සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාම දර්ශකය වසරක් පාසා ප්‍රකාශයට පත් කෙරෙයි.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම දර්ශකයෙන් ලංකාව ඉදිරියට
Sanath Friday, 08 June 2018 08:16 PM
සාම දර්ශකය කොහොම වුනත් ලංකාවේ මිනිස්සුන්ගේ හිත්වල නම් ඇති සාමයක් නැත.
kalani Saturday, 09 June 2018 03:17 AM
යහපත යහපත් ලෙසත් අයහපත අයහපත් ලෙසත් දකිමු. ඒකයි අපේ සතුට...
Raveendra Saturday, 09 June 2018 03:38 AM
කවුරු කොහොම, කෙසේ කිව්වත් සාම දර්ශකය මනින "කට්ටේ " නම් මහා විශාල අවුලක් ඇති බවට නම් ඉරහඳ මෙන් ස්ථිරයි.
Lalith Saturday, 09 June 2018 11:49 AM
බලන්න යහපලානයේ වටිනාකම...
ShanakaSunday, 10 June 2018 12:55 AM
දවසේ විහිළුව ......තවත් ලැජ්ජ නැතිව යහපාලනය ගැන කියවනවා.......
Tharaka Sunday, 10 June 2018 03:54 AM
කව්ද මේ සම්මාන දෙන්නෙ............දැන් ලංකාව පාලනය කරන්නෙ පාතාලය......... දවසට දෙතුන් දෙනෙක් වෙඩිතියල මරනවා. මහදවල් බැංකු මංකොල්ල කනවා.