IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සීමාවාසික පත්වීම් ප්‍රදානය වැළැක්වූ අතුරු නියෝගය විසුරුවා හරී

( තිළිණි ද සිල්වා )
 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා ගත් තීරණයකට අනුව  සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු  නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(2) තීන්දු කළේය.
 

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තුන් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (02) යළි සලකා බැලීමෙන් පසුව  බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය ඉවත් කරනු ලැබුවේය.

දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය ඉවත් කළ අතර නඩු විභාගය මැයි මස 09 වැනිදා  පැවැත්වීමට නියම කළේය.

පෙත්සම්කාර සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම මගින් පවසා ඇත්තේ වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා තීන්දුවක් ගෙන තිබු බවයි.

එම සීමාවාසික පත්වීම් ප්‍රදානය කිරීමේදී සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් 85  දෙනෙකු මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන්  රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් සහ කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පමණක් තෝරාගෙන ඇති බව කියා සිටියේය.

 ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බව ඔවුන් පවසා ඇත.

මේ හේතුවෙන් මෙම පෙත්සම් පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.



අදහස් (0)

සීමාවාසික පත්වීම් ප්‍රදානය වැළැක්වූ අතුරු නියෝගය විසුරුවා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site