(ඩබ් ඒ පියතිලක)
සෝමාවතිය ජාතික උද්‍යානයේ වේරගොඩයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් වගා කළ ගොවි බිමි වලින් ගොවින් ඉවත් කිරීම අද (26) අධිකරණ නිළධාරින් විසින් සිදු කළේය
අධිකරණ නියෝගයක් මත මෙය සිදු කෙරිණි.
මෙම සෝමාවතිය ජාතික උද්‍යානයේ වරගොඩයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් ඇතුල් වි වගා කටයුතුවල නිරත වන බව සදහන් කරමින් ගොවින් 219 දෙනෙකු සදහා පොලොන්නරුව අධිකරයේ නඩු දමා ඇත.
එම නඩු අධිකරණයෙන් විමර්ශන කිරිමෙන් පසු එයින් 52 දෙනෙකු එම උද්‍යානයෙන් නෙරපා දැමිමට අධිකරණ නියෝග ලැබි ඇත.
එම නියෝග අනුව 12 දෙනෙකුට අයත් කුඹුරු ඉඩමි වගා කළ නොහැක තත්වයට විනාශ කර නැවැත එම ප‍්‍රදේශයට ඇතුල් විම තහනමි කිරිම (26) දින පොලොන්නරුව අධිකරණ නිළධාරින් විසින් සිදු කළේය.
පසුව මෙම ස්ථානයට අනවසරයෙන් වගා කටයුතු කල ගොවින් පැමිණ අධිකරණ නියෝග නොමැති තමන් පරමිපරා ගණනක් වගා කල කුඹුරු ඉඩමි විනාශ කර දමන බව කියමින් කලහකාරි ලෙස හැසිරිමත් සමග පුලස්තිපුර පොලිසිය පැමිණ පැමිණ පිරිස වෙත අධිකරණ නිළධාරියෙකු ගෙන්වා අධිකරණ නියෝග පෙන්විමෙන් පසු ඔවුහු විසිර ගියහ.



COMMENTS
නියමයි.. දැන් මේක අනූනම අවුරුද්දකට බදු දෙමු. ඊට පස්සේ පිටරටින් හාලුයි එලවලුයි ගෙන්වමු. මටත් කොමිස් එකක් එනවනේ.
විල්පත්තුවේ සදහටම පදිංචි අය ගැන මෙහෙම හදිස්සියක් නැහැ නේද.?
එසේනම් මේ ගොවීන්ට ගොවිතැන් කිරීම සඳහා වෙනත් ඉඩම් ලබා දිය යුතුයි.
සෝමාවතියේ කට්ටිය අයින් කලාට විල්පත්තුවේ කට්ටිය අයින් කරන්නේ නැහැනේ.
එතකොට විල්පත්තුවේ සිය ගණන් පදිංචිවෙලා හිටියට කමක් නැද්ද...?
පරම්පරා ගත වගා බිම් හරි තමන්ට අයිති නැති තැන් වල ඒවා නම් ඉවත් විය යුතුයි. ආණ්ඩුවේ වගකීම තැන් හොයලා දෙන එක. දීඝවාපිය ටත් ඕකම තමයි උනේ, විල්පත්තුවටත් ඕකම තමයි උනේ. පරම්පරා වක්, දෙකක් හොරෙන් ඉන්නවා, ආණ්ඩුවෙන් මැනපු ගමන් පරම්පරාව එලියට ගන්නවා.
මේ නිතිය විල්පත්තුවට නැත්තේ මොකද?
නැගෙනහිර ඩෝසර් කරපු අයට නිතිය නැමුනෙ අැයි?
නියමයි. දැන් තියෙන්නෙ මේ පූර්වාදර්ශය විල්පත්තුවටත් යොදවන එකයි... (හැබැයි එතකොට සංහිඳියාවට අවුල් වෙයි ද දන්නෙ නෑ..)
විල්පත්තුවේ තිබෙන ගැටළුව වන්නේ යම් කාලයක ජනවාස වී තිබූ ප්‍රදේශ නිසි ක්‍රමවේදයෙන් බැහැරව රජයේ රක්ෂිත වනාන්තර බවට පත් කර තිබූ බව කියවෙන ගැටළුව. මේක නීතිය හමුවේ විසඳා ගත යුතු ප්‍රශ්නයක්. අනෙක් අතට පැවති රජය කාලයේ මෙහි ජනාවාස පිහිටුවා කාපට් කර පාරවල් පවා දුන්නා. මේ රජය යටතේ ජනාවාස දිගටම පවතිනවා. විල්පත්තුවට එක විදිහකටත් තව තැනකට තව විදිහකටත් කියලා 100%ක්ම කියන්නත් බෑ.
සෝමාවතියේ කට්ටිය අයින් කලාට විල්පත්තුවේ කට්ටිය අයින් කරන්නේ නැහැනේ ඒ කියන්නේ ජනපතිට ඒ ගැන තීන්දුවක් ගන්න හැකියාවක් නැහැ කියන එකයි විල්පත්තුව විනාශ කරන්න ඉඩ දීල සිංහල ජනතාවට ජීවත් වෙන්න වගාවක් කරගත්ත තැන අහිමි කරනවා මේකද යහ පාලනේ සිංහලය වනසීමද යහපලානේ අරමුණ
මේ සිංහලයන්ව නේද එලවන්නේ ?