2017 දෙසැම්බර මාසයේ දී පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටිති.
සිසු සිසුවියන් නව දෙනෙකු දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්ව සිටීම මෙවර විශේෂත්වයකි.
ප්‍රථම ස්ථාන දිනා ගත් විභාග අපේක්ෂකයන් හය දෙනා අතුරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියෝය.
දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10ක් නෙවේ 100ක් ආවත් අපිට සතුට්ය් ළමයගේ අද්‍යාපනය ජයග්‍රහණ දැක්කම
මේ දුවල පුතාලට සුබ පතන ගමන්ම මේ ප්‍රතිපල වලින් පෙනෙන අනතුරු ඇගවීමත් පෙන්නලා දෙන්න ඕනේ. මේ ලිස්ට් එකේ පිරිමි ළමයි ඉන්නේ එක්කනයි. දැන් දැන් පිරිමි ළමුන් ඉගෙනීම පසු බහින රටාවක් පෙන්නනවා. මේක දැනටමත් සමාජයේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේවාට වහාම පිළියම් යෙදිය යුතුයි.
බොහොම සතුටුයි දුවල පුතාල. මගෙන් සුභ පැතුම්. ඉදිරියේ තවත් බාධක තියෙනවා. ඒවත් ජයගන්න. ස්ථාන උඩම ඒවගේ වෙඩි හරියක් දුවල ඉන්නේ මොකද දන්නේ නෑ. දැන් කාලේ කොල්ලෝ පාඩම් කරන්නේ නැද්ද?
ඉතාමත්ම තරග කාරි සහ වෙහෙස කාරි තරගයක් විභාගයකින් මෙම දරුවන් 15 දෙනා , පළවෙනි සහ දෙවෙනි ස්ථාන ලබා ගෙන තියනවා . එම දරුවන්ට අපගේ සුභ පැතුම් හිමි වන අතර , අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථකවී , අපේ රටේ යහපත් ගුණගරුක පුරවැසියන් වීමට අවස්ථාව සැලසේවා .
ඕනෙම විභාගයකින් පළමු ස්ථානයට පැමිණීම අගය කල යුතු දෙයක්. නමුත්, අද සාමාන්‍ය පෙළ විභාගය මොන තරම් හොඳින් සමත් වුවත් එයින් ගත හැකි පලයක් නැහැ.
ඉතා හොදයි.
රට ජාතියේ උදාර බුද්ධි බලය ලොවට ප්‍රදර්ශනය කල විරු සිසු සිසුවියන්ට අප සැමගේ උත්තමාචාරය.
ඉතාමත්ම සතුටුයි..... ඔය විදිහටම ඉතුරු විභාගත් කරගන්න....
දුවල පුතාල ඔයාලට දළදා සමිඳු පිහිට සහ උසස්පෙළටත් ජය පතමි.! මහනුවර මහමාය බාලිකාවේ දුවේ ඔයා ගැන ආඩම්බරයි.
රටේ අහිංසක දුවාදරුවන් ලක්ෂ ගනනකට මානසික අසහනය හා අසාමාන්‍ය බලපෑමක් 2017 විෂය පතයට අදාළ නොවූ ගණිත ප්‍රශ්න පත්‍රය මගින් ඇතිකිරීමේ වගකීම බාර ගන්නේ කවුද ? ඒ වෙනුවෙන් ඉටුකළ සාධාරණය හා ලබාදී ඇති සහනය කුමක්ද ?
"ස්ථානය 7" නේ. දෙක නෙමේනේ....
සමස්ථ සිසුන්ගෙන් 67.24%ක් ගණිතය විෂය සමත් කර ඇතත් ගණිතය විෂය ඒ’ සාමාර්ථ ලබා ගෙන ඉදිරියට යාමට සිටි සිසුන් බොහෝ පිරිසකට ආසාධාරණ ගණිතය ප්‍රශ්න පත්‍රය නිසා ඒ’හෝ බ්' සාමාර්ථ ලබා ගැනීම අහිමි උනා . බ්' හෝ සි' සාමාර්ථ ලබා ඇති සිසුන් සඳහා කිසිම සාධාරණයක් සිදු කොට නැහැ . සිදු කොට ඇත්තේ එෆ් හෝ එස් සාමාර්ථ ලබා ඇති අය වෙනුවෙන් පමණක් ඊට වඩා එක් සාමාර්ථයක් ඉහළ දමා සමස්ථ සිසුන්ගෙන් 67.24%ක් ගණිතය විෂය සමත්ව ඇති බව පැවසීමයි . මෙහි ඉලක්කය වැඩි ප්‍රමාණයක් උසස්පෙළ ගණිතය හා විද්‍යාව විෂය හැදෑරීම වලකා තබා ගැනීමද ?.
එන්න එන්නම කොල්ලෝ විනාශ වෙනවා නේද?
"රත්නාවලි" දියණිවරුනි ඔබට සුබ පැතුම්.!
පුතේ, දුවේ නුබලාට අපගේ උණුසුම් සුබ පැතුම්! හොදින් ඉගෙනගෙන තමන් උපන් මවුබිමට අවංකව සේවය කිරීමට ඔබලාට හැකිවේවා! කිසිවිට "වර්තමාන දේශපාලුවන්" තම ජිවිතයට ආදර්ශයට "නොගන්න" පුතේ දුවේ.....තම උපන් මවුබිම තමන්ව මෙලොවට බිහිකළ තම ආදරණිය මෑණියන්සේ ආරක්ෂා කරන්න. ඔබලාට කිසි දින වරදින්නේ නැත.
කොල්ලො විනාශ වෙන්න පටන් ගන්නෙ බිග් මැච් එකේ බොන්ඩ පටන් අරන්.
කොහොමත් OL වැඩියෙන් සමත් වෙන්නේ ගැහැණු ළමයි තමයි. AL වලදී මේ ප්‍රතිපළ හාත්පසින්ම වෙනස් වෙනවා. ගොඩක් දුරට කොල්ලෝ ඉසරහට එනවා. කෙසේ වෙතත් මේ හැම දරුවෙකුටම ජයෙන් ජය වේවා..!!!!
දෑන් ඉන්න ළමයින්ගේ දෑණුම උසස්වෙලාද එහෙමත් නෑතිනම් විභාග වල තත්වය පහල වෑටිලද... කවුරු හරි දන්න කෙනෙක් කියනවද?
මේකට හේතුව ... දැන් විභාගවල බුද්ධිය පරික්ෂා කරන ප්‍රශ්න සංඛ්‍යාව අඩුවෙලා ... මතකය පරික්ෂා කරන ප්‍රශ්න සංඛ්‍යාව වැඩි වෙලා තිබීමයි. ගැහැණුන්ගේ මතක ශක්තිය වැඩියි. පිරිමින්ගේ බුද්ධි මට්ටම වැඩියි.
පිරිමි ළමයින් ඉගෙනීම අතින් පහලට වැටිලා. හේතුව මමනම් හිතන්නේ ලංකාවේ තියෙන විභාග හැම එකක්ම වගේ ගිරව්න් ට උනත් කරන්න පුළුවන්. කොල්ලෝ කෙල්ලොන්ට වැඩිය ජීවිතේ රිස්ක් එක ගන්න. කොල්ලෝ එක්කෝ හොදම ප්‍රතිපල ගන්නවා නැත්තන් බොරුතු පිටින් පේල් වෙනවා. ලංකාවේ O/L A/L pass ගැණු ළමයි පාස් උනා කියල රටේ ආදායමට වැඩි දායකත්වයක් දෙන්නේ පිරිමි.
මේ ප්‍රතිඵල වලින් පිරිමි දරුවෝ ගැන ඉතාම කණගාටුදායක තත්ත්වයක් පෙන්නුම් කරනවා... පාසැල් වගේම දෙමව්පියන් වගේම මුළු සමජයමත් මේ ගැන අවධානයෙන්, අවබෝධයෙන් සිටිය යුතු කාලයක්....දරුවන්ගේ උසස් ප්‍රතිපල ගැන සතුටුයි...ඒ වගේම අපි සියාලු දෙනා දැනගතයුතුයි මේ කඩයිම පසු නොකරන අයගේ ජිවිත ගැන මිට වඩා සිතීමට හා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල දැනගැනීමට...මොවුන් ගැන රජය වැඩිපුර අවධානය යොමුකළ යුතු බවයි මගේ හැගීම .
සමහර පාසල් හැමදාම සා/පෙළ උ/පෙළ ඉහලම ප්‍රතිපල පෙන්නනවා. හැබැයි ඒ සමහරක තියෙන්නෙත් 5 වසරෙන් ඉහලට විතරයි. ගන්නෙත් ශිෂ්‍යත්වෙ සමත් ළමයි විතරයි. ඒ දරුවෝ ගමේ පාසලේ හිටියා නම් ගමේ පාසල් වල නමුත් මේ ලැයිස්තුවට අනිවර්යයෙන්ම එනවා. මොකද, ඒ පාසල් වලත් දක්ෂ ගුරුවරු ඕන තරම් ඉන්නවා.
අපේ සුබ පැතුම්.! A/L මෙවැනි ප්‍රතිපල ලැබේවායි ප්‍රර්ථනා කරමු.