IMG-LOGO

සමගියට පෙරගමන් යන්න ජනපතිගෙන් කාන්තාවන්ට ඇරැයුම්

ක.ග කරුණාරත්න

මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා කාන්තා බලවේග ශක්තිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(08) පස්වරුවේ පොළොන්නරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උළෙලේ දී පැවැසීය.
 
මේ රටේ සමස්ත කාන්තා පරපුරට මව්වරුන්ට, දියණියන්ට සහ සහෝදරියන්ට මේ සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා කීය.
 
පසුගිය දා මහනුවර ඇතිවූ සිදුවීම් පිළිබඳව සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ එම සිදුවීම් වලින් වැඩිපුරම කඳුලු හෙළුවේ වේදනා වින්දේ අම්මාවරුන් යැයි තමන් සිතන බවය. ඒ පීඩාව සිංහලද දෙමළද මුස්ලිම්ද මැලේද බර්ගර්ද කියන එක නොව ප්‍රශ්නය කෙනෙකුට කරන හිරිහැර ජීවිත තර්ජන, මරණීය තර්ජන, මරණය මොන පැත්තට කළත් එය අමානුෂික, ම්ලේච්ඡ යැයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය සමාජයේ සෑම කෙනෙක්ම තේරුම් ගත යුතු යැයිද කීය.
 
මේ සියලු සංවිධානවල හඬ, හෘද සාක්ෂිය, මව්වරුන්ගේ හඬ, දියණියන්ගේ හඬ, සහෝදරියන්ගේ හඬ මේ සමාජය තුළ විෂම වී තිබෙන බව කී ජනාධිපතිවරයා මනුෂ්‍යත්වය අහිමි කරන මේ ගැටුම්, මේ ම්ලෙච්ඡත්වය, ජාතිවාදය, ජාතික සමගිය සුනු විසුනණු කිරීම් වලටත් කාන්තාව පෙරමුණ කර ගත යුතුයි ශක්තිමත් විය  යුතු යැයි ද මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා කරන අයට විරුද්ධව හඬ නගන්නට, සංවිධානය වීම මේ කාලය තුළ වගකීමක් හා යුතු යුතුකමක් බව ද පැවසීය.
 
කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද උසත්සව සභාව ඇමතුවාය.



අදහස් (2)

සමගියට පෙරගමන් යන්න ජනපතිගෙන් කාන්තාවන්ට ඇරැයුම්

රජින්ද Thursday, 08 March 2018 05:39 PM

අනේ ඉතින් මේ රටේ විධායකය නේද මේ. වැඩ නැති උනාට ලොරි ටෝක් නම් තියෙනවා මදි නොකියන්නම.

:       0       155

lalith Thursday, 08 March 2018 10:34 PM

ජනාධිපති තුමෝ කරන්න යන වැඩේ නම් හොඳයි. ඒ උනත් ඕකට ඔයකට්ටිය ගාවගත්තොත් නම් කෙස්වලු පටලවාගෙන මහා ගාලගෝට්ටියක් වෙලා තමයි නතර වෙන්නේ. ඔන්න කිව්වා. ආයේ පස්සේ නොකිව්වා කියන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site