IMG-LOGO

සබඳතා නැවැත්වීම ගැන කටාර් විදේශ ඇමැති කණගාටුව පළ කරයි

ත්‍රස්තවාදයට උදවු සපයන බවට සහ මූලධර්මවාදී අදහස් පතුරුවන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට අරාබි රටවල් හයක් අද (5) පියවර ගැනීමත් සමඟ ඊට පිළිතුරු දීමට කටාර රාජ්‍යය කටයුතු කළේය. 
 
ඒ අනුව කටාර් විදේශ අමාත්‍යාංශය පහත දැක්වෙන නිවේදනය අරාබි බසින් අද (5) ප්‍රකාශයට පත් කර තිබිණි. 
 
“සෞදි අරාබියා රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය  සහ බහරේනය දේශසීමා, ගුවන් කලාප සහ කටාරය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ගත් තීරණය ගැන කටාර් රාජ්‍යය වෙනුවෙන් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය කනගාටුවත් පුදුමයත් පළ කර සිටිනවා. වැරැදි තීරණ, මත සහ වැරැදි චෝදනා එල්ල කරමින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. 
 
කටාර් රාජ්‍යයට එරෙහිව වැරැදි තොරතුරු ප්‍රචාරය කෙරෙනවා. එමෙන්ම කටාරය සම්බන්ධයෙන් විවිධ කොටස් බොරු ගතමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. කටාර් රාජ්‍යය අනතුරු කිරීම සඳහා සැඟවුණු සැලැස්මක් තිබෙනවා. 
 
කටාර් රාජ්‍යය ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වගේම එහි ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කරන රටක්. කටාරය සෑම විටම අනෙක් රටවල ස්වෛරීත්වයට ගරු කරන අතර කිසිදු අවස්ථාවක වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැහැ. ඒ වගේම ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් වැදීමේදී කටාර් රාජ්‍යය සිය උපරිම දායකත්වය දී තිබෙනවා.
 
කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරමින් මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන යන අතර ගල්ෆ් කලාපයේදී එය විශේෂයෙන්ම දැක ගත හැකිව තිබුණා. එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැඩපිළිවෙළ අසාර්ථක වුවත් ඒ ඉදිරිය ගෙන යෑම සඳහා දිගින් දිගටම උත්සාහ ගන්න බව පෙනී යනවා. 
 
ගොතන ලද හේතූන් දක්වමින් ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටක් වන කටාර් රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමට ඊජිප්තුවේද සහාය සහිතව මෙම රටවල් තුන ඉදිරිපත් වී තිබීමෙන්ම එය සඳහා සත්‍ය හෝ සාධාරණ හේතු ඔවුන්ට නොමැති බව සනාථ වෙයි. මොවුන්ගේ ඉලක්කය පැහැදිලිය: කටාර් රජයට එරෙහිව භාරකාරත්වයක් බලගැන්වීම මෙහි ඉලක්කයයි. මෙය කිසිසේත් පිළිගත නොහැක්කකි. මෙය කටාර් රජයේ ස්වෛරී බව උල්ලංඝණය කිරීමේ වෑයමකි.    
 
උක්ත රටවල් ත්‍රිත්වය විසින් කටාර් රජය සමග ඇති සබඳතා නවතා දැමීමට ගෙන ඇති තීරණයට පාදක වී ඇත්තේ ගොතන ලද අසත්‍ය කරුණු මත පදනම් වුණු මාධ්‍ය ව්‍යාපාරයක්.   

 අල් ජසීරා ඇසුරිනි 055

 



අදහස් (4)

සබඳතා නැවැත්වීම ගැන කටාර් විදේශ ඇමැති කණගාටුව පළ කරයි

lalith Monday, 05 June 2017 06:26 PM

ඔන්න අන්තිම තුරුම්පුවත් ගැහැව්වා පහළ යන තෙල් මිල වැඩි කරගන්න.

:       0       0

s.m Niluka Tuesday, 06 June 2017 04:39 AM

කටාර් රජය හොඳයි. ලංකාවේ අපිට කටාර් රට නැති කරන්න එපා. කටාර් රියාල් වලට විසදුමක් හොයලා දෙන්න අහිංසක මිනිස්සුන්ට ලංකාවේ.

:       0       0

theshan Tuesday, 06 June 2017 07:25 AM

මෙය පිටිපස්සේ ඉන්නේ ඇමෙරිකාව.. ඔවුන්ට ඕනේ තවත් ලිබියාවක් නිර්මාණය කරන්න, ප්‍රධානම හේතුව දැනට ලෝකයේ එ්ක පුදගල අදායම වැඩිම රට තමයි කටාර් කියන්නේ...මොකද මොවුන් සතුව ස්වභාවික ගෑස් තිබෙනවා... ඒකේ හේතුව අපේ එහෙ වැඩ කරන අය නිසයි. ඒ ගැන ඉක්මණින් හොයා බැලුවොත් හොඳයි.

:       0       0

chandra weerasinghe Wednesday, 07 June 2017 09:58 PM

අපේ ඉන්නේ ඇමරිකානු ගැති දේශ පාලකයෝ !! අපේ ලාංකිකයනට මෙයින් අපහසුවක් නොවෙන ලෙසට තීරණ ගැනීම විදේශ විනිමය උපයන ඔවුනට කරන මහත් උපකාරයක්!! මැගිලින් අක්කා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site