හෙටින්(12) ඇරැඹෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තම දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය පෙන්වා පෞද්ගලික බස්රථවලින් නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.
ජාතික ගමනාගමන කොමිසම සියලු පෞද්ගලික බස්රථ ධාවන සංගම්වලට මේ බව දන්වා ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දුම්රිය වර්ජනය නිසා අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගෙන ඇත.
මේ අතර දුම්රිය වාර ප්‍රවේශ පත් මගින් හා කලින් දුම්රිය ආසන වෙන්කරගත් මගීන්ට ලංගම බස් රථවල කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කිරීමට අවසර ලබාදී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටුවේ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරපු ලංගම බස්රථවලවත් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර බාර ගත්තු නැති එකේ, පුද්ගලික බස්රථවල යන්න පුළුවන් වෙයි මේන් කියලා. මේවා රට්ටු රවටන කතා තමයි.
දුම්රිය මාර්ගවල පෞද්ගලික බස් ධාවනය කරන බවක් අදමයි ඇහුවේ.