IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැප්තැම්බරයේ සිට ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම්

ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව තමන් පිළිගන්නා නමුත් ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.



අදහස් (19)

සැප්තැම්බරයේ සිට ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම්

manoj Wednesday, 12 July 2017 07:20 AM

පොඩි කාලේ ඉස්කෝලේ අරන්ගිය කෑම පෙට්ටිය මතක නැද්ද.....

:       0       1

ධම්මි Wednesday, 12 July 2017 07:27 AM

මෙම තීරණය ඉතා හොඳයි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමේදී සුදුසු විකල්ප හඳුන්වා දෙමින්, අදියර වශයෙන් සිදු කරන්නේ නම් වඩා ප්‍රායෝගික බව මගේ අදහසයි.

:       0       1

sachith Wednesday, 12 July 2017 07:38 AM

මේක කරන එක හොදයි, හැබැයි ඊට කලින් පැහැදිලි අඩු වියදම් විකල්ප හඳුන්වලා දෙන්න. නැත්නම් මේකත් තවත් එ්ක ක්‍රියාත්මක නොවෙන නීතියක් වෙයි.

:       0       1

shan saudi Wednesday, 12 July 2017 07:49 AM

වටිනා කාර්යයක්... පොලිතීන් භාවිතයෙන් ඉවත් කිරීම මගින් කාලයක් ජනතාව කරගන ගිය කඩදාසි කවර කර්මාන්තය යලි ආරම්භ කල හැකිවන සේම විරැකියා ගැටළුවටද ගෘහනියන්ට අමතර අදායමක් උපයා ජන ජීවිතය සරු කර ගන්නටද අවස්ථාව සැලසී යනු ඇත. ආයතන මගින් හා වෙළෙඳ සල්වලින් ඉවත ලන කඩදාසි වලට හොද ඉල්ලුමක් ලබා ගත හැකිය. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයටද පොලිතීන් නැතිවීමෙන් එයද පහසුවෙන් කරගත හැකිය.

:       0       4

Attanayake Wednesday, 12 July 2017 07:50 AM

දැනටත් ප්‍රමාද වැඩියි. කොහොම හරි තහනම් කරගත්තොත් හොඳයි.

:       0       2

samarajeewa Wednesday, 12 July 2017 08:03 AM

ප්‍රමාද වී නමුත් ගත් ඉතාමත් වැදගත් පියවරක්. ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ඉවත නොදමන ඇසුරුම් හඳුන්වාදීම ඉක්මනින් කළ යුතුය.

:       1       46

A. G jayawardana Wednesday, 12 July 2017 08:12 AM

තහනම් කිරීම විසඳුම් නොවේ. වෙන් රටවල ක්‍රියාත්මක වන හැටියට ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ කරන්නට රජයේ අනුබල ලැබෙන්නේ නැහැ.

:       60       3

Kamal Wednesday, 12 July 2017 08:17 AM

නමුත් අපට විශ්වාශයක් නැහැ ඔවා ක්‍රියාත්මක වෙයි කියලා.. කියපුදෙවල් වලින් මොනවද ඉතින් හරියටම ක්‍රියාත්මක කලේ..?

:       24       125

kuma Wednesday, 12 July 2017 08:20 AM

හොඳ පුවතක්... ඇයි කඩදාසි කොළ තියෙන්නේ...

:       17       5

කපිල Wednesday, 12 July 2017 08:36 AM

ඕක කී වතාවක් තහනම් කළාද? ඔහොම යං. පොලිතින් ගෙන්වන අය ආණ්ඩුවේ ලොක්කෝ අල්ලාගෙන පරිසර අධිකාරියේ ඔළුවට අත හෝදනවා. හරිද?

:       0       71

sumith manjula Wednesday, 12 July 2017 09:02 AM

හොඳ තීරණයක්!!! ප්ලාස්ටික් මල්පෝච්චි, අත්‍යාවශ්‍ය නොවන විසිතුරු බාණ්ඩ, සරුංගල්, වෙස්මුහුණු, ළමා සෙල්ලම්බඩු, තහනම් කර ආදේශක වලට මිනිසුන් පොළඹවන්න. වැඩි බදු පනවන්න.

:       0       31

mahesh Wednesday, 12 July 2017 09:06 AM

ඉස්සෙල්ලාම රට ගොඩදාගන්නකෝ... කොහොමත් පරිසරයට හොඳයිනේ...

:       0       23

viki Wednesday, 12 July 2017 09:14 AM

අපේ මව්බිම කසලවලින් බැහැර කරමු.

:       0       14

shelta Wednesday, 12 July 2017 09:22 AM

ඕකවත් කරනවා නම් ලොකු දෙයක්. කී සැරයක් තහනම් කළාද? අජිනමොටෝ තහනම් කළාට ඕනේ තරම් තව තියෙනවා තහනම් කරන්න.

:       0       29

kumar (galf) Wednesday, 12 July 2017 09:22 AM

ඉස්සරවගේ කම්බි ලේන්සුවේ කෙහෙල් කොළේ තියාගෙන බත් ගෙඩිය අරන් ගියාම හරිනේ. පොඩි ස්නැක්ස් වලට කැන්දා කොළ ගන්න. ඉතාමත් පරිසරය හිතකාමී වේවි....

:       0       2

Saliya Wednesday, 12 July 2017 09:33 AM

ප්‍රායෝගික විසඳුමක්ද දෙන්න. දවසකට මිලියනයක් කෙසෙල් කොළ කැපිය නොහැක. කඩදාසි හදන්නටත් වැඩිපුර ගස් කපන්න වෙනවා.

:       1       15

සෞම්‍ය Wednesday, 12 July 2017 09:36 AM

ඉතාමත්ම හොඳ තීරණයක්, ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබේවා, ජනතා සහයෝගය ලැබේවා, මේවා ඉක්මණින් කළේ නැත්නම් අපේ පොඩි අයට රටක් කියලා දෙයක් නැති වෙනවා..!!!

:       0       28

සංඛ උදාර Wednesday, 12 July 2017 09:52 AM

කරුණාකර ඒ වැඩේ කරන්න....ඉතාම හොඳ වැඩක්... නැතිව අපේ මිනිස්සු හදන්න බෑ....

:       0       1

aravinda Wednesday, 12 July 2017 10:16 AM

හැමදේම රජයෙන් කියන කම් නොසිට, තමන්ගේ වගකීමක් ලෙස දහවල් කෑම රැගෙන යාම සඳහා ලන්ච් ෂීට් වලින් තොරව "පෙට්ටියක්" භාවිතා කිරීමට පටන් ගන්න.

:       0       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site