IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සංධානයේ මතය සෙසු පක්ෂ සමඟ සාකච්ඡාවෙන් පසු

(සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය සංධානයේ සෙසු නායකයන් සමඟ සාකච්ඡා කර කතානායකවරයාට දැනුම් දෙන බව එහි මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා  පැවැසීය.

අමරවීර මහතා මේ බව පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ධූරය ඉල්ලීම පිළිබඳව කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය විමසීම පිළිබඳව අප කරුණු  විමසූ අවස්ථාවේදීය.

මහින්ද අමරවීර මහතා මෙසේද කීවේය.

   ‘‘කතානායකවරයා එහෙම ලියුමක්  එවලා තියෙනවා කියලා මට ආරංචි වුණා.නමුත් තවමත් මට ඒක ලැබිලා නෑ. ලිපිය ලැබුණු වහාම සංධානයේ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගෙන එය කතානායකවරයාට දැනුම් දීමට පියවර ගන්නවා‘‘ ඔහු කීය.



අදහස් (2)

සංධානයේ මතය සෙසු පක්ෂ සමඟ සාකච්ඡාවෙන් පසු

sirimal Thursday, 02 August 2018 05:16 PM

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය තමන්ට හිමි බව කිය කියා ඇවිද්දට අදාල ලිපිය සඳහා අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මෙම ලිපිය කතානායකවරයා වෙත භාර දී තිබේ. ඒ සඳහා අත්සන් තබා ඇත්තේ ඔහු සමග විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම,උදය ගම්මන්පිල,බන්ධුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සමග පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් පමණක් බවත්,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිවෙක් නියෝජනය ඊට අත්සන් එක්කර නොමැති බවයි කියන්නේ. මේ පිළිබඳව බැසිල් සහ ගෝඨාභය කණ්ඩායම් දෙක අතරද මත ගැටුමක් හටගෙන ඇති අතර බැසිල් පාර්ශ්වය කියන්නේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවන්නේ නම් ඒ සඳහා ශ්‍රීලනිප ජේෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම පත්කළ යුතු බවයි. කෙසේ වෙතත් ගෝඨාභය පාර්ශ්වයේ මතය වන්නේ ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨයෙකු වන දිනේෂ් ගුණවර්ධන පත්කළ යුතු බවයි. ලබන 07 වැනිදා වෙනකොට බලාගත හැකිවේවි මේ ජන බලයේත් ඉරණම.

:       388       322

samanFriday, 03 August 2018 01:29 AM

සිරිමල් ඔබගේ අදහස් අනුව ඔබ දේශපාලන ළදරුවෙක් බව පෙනේ. ඒක නිසා ඔබගේ කොමෙන්ටුව ගැන වැඩිදුර අදහස් නොදක්වමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site