තරිඳු ජයවර්ධන
පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී බී අත්තනායක මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම කොමිෂන් සභාව විමර්ශනයක් සිදු කර ඇති අතර ඒ අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස දැනුම් දී තිබේ.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ද ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.
පොලිස් කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ලැබීමට පෙර පොලිස්පති සහන මැදිරියට ද ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද නිලධාරියාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
වාහන ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය ආයතයක් විසින් මෙම නිලධාරියාට විරුද්ධව පැමිණිල්ල කරනු ලැබ තිබේ. නාලක සහ නලීන් යන නම් දෙකකින් සිදුකරනු ලැබ ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනය පවත්වා ඇති අතර ගනුදෙනුවලට අදාල චෙක්පත් ද එම ඒකකය භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්