(නිමන්ති රණසිංහ)

කොළඹදී ළමයින් 11 දෙනකු පැහැරගැනීම සම්බන්ධ නඩුවට අදාළව නාවික හමුදාවේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(29) නාවික හමුදාපතිවරයාට නියෝග කළාය.

නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු සැකකරුවන් 7 දෙනා අද අධිකරණයේ පෙනී සිටි අතර අදාළ නඩුව දෙසැම්බර් 13වැනිදා තෙක් කල් තැබිණි.