IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ශිෂ්‍යත්ව ගුරුවරුන්ට තෑගි දෙන්න ගිහින් වැඩ වරදී

(පුෂ්පකුමාර ජයරත්න)

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ පන්ති බාර ගුරුවරුන්ට ත්‍යාග ලබාදීම සඳහා මුදල් එකතු කළ බවට චෝදනා එල්ල වී තිබෙන කුරුණෑගල නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයාට සහ පහ වසර ගුරුවරුන් පිරිසකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

දෙමාපියන්ගෙන් එකතු කරන ලද මුදල්වලින් එම ගුරුවරුන්ට වටිනා ත්‍යාග සහ මුදල් ලබාදීමට නියමිතව තිබූ අතර ඒ ගැන දෙමාපියන් පිරිසක් විසින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතාට සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මියට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වහාම මෙම ක්‍රියාව නවතා එකතු කරගත් මුදල් ආපසු දෙමාපියන්ට බෙදා දෙන ලෙස එහිදි විදුහල්පතිවරයාට තරයේ උපදෙස් ලබාදී තිබිණි.

නමුත් එම උපදෙස් කිසිවක් ගණනකට නොගෙන අද (03) අදාළ ත්‍යාග ගුරුවරුන් වෙත පිරිනැමීමට කටයුතු කර තිබෙන බවට නැවත වරක් ලද පැමිණිල්ලකට අනුව තමන් විදුහල්පතිවරයාට නැවත තරයේ අවවාද කළ බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.

මේ ආකාරයට මුදල් එකතු කර ත්‍යාග ලබාදීමට යාම අල්ලසක් ගැනීමේ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙන බැවින් යම් හෙයකින් එම ත්‍යාග ලබාදුනහොත් අදාළ විදුහල්පතිවරයාට සහ එම ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඊට අමතරව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමටත් පියවර ගන්නා බව  ඒ මහත්මිය කීවාය.



අදහස් (6)

ශිෂ්‍යත්ව ගුරුවරුන්ට තෑගි දෙන්න ගිහින් වැඩ වරදී

aravinda Thursday, 03 August 2017 03:38 PM

මේ අයුරින් ගුරුවරුන්ට තෑගි දීම නැවත්වීම ඉතාමත් හොඳ දෙයක්. මෙය ලංකාවේ අනිකුත් ප්‍රමුඛ පාසල් වලත් සිදුවෙනවාද යැයි සොයා බැලිය යුතුයි.

:       110       339

නුමා Thursday, 03 August 2017 11:02 PM

ශිෂ්‍යත්ව පංතිය කෙසේ වෙතත් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික පංති වල සියළු දෙනා සිංහල අවුරුද්දට තෑගි දීම අනිවාර්‍යය වී තිබුණා. තවද, නොයෙකුත් ව්‍යාපෘති ඉදිරියට දමමින් මුදල් එකතු කිරීම නම් ජයටම සිදුවේ.

:       0       38

chandra weerasinghe Thursday, 03 August 2017 11:30 PM

නිදහස් අධ්‍යාපනයට වින කරන්නේ මේ විනයක් නැති ගුරුවරුන් !! මෙවැනි ගුරුවරුන් කෙරෙහි සිසු සිසුවියනගේ පිළිකුල එල්ල වෙනවා !! චන්ද්‍ර

:       0       20

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 04 August 2017 02:13 AM

තෑගි මුදල් බෙදා දෙනවා නොවෙයි. බලෙන් වගේ ගන්නවා. ශිෂ්‍යත්ව විභාගය නොවෙයි... අනිත් පන්ති වලත් ඕක වෙනවා. තෑගි දෙන ළමයින්ට සැලකිලි... අනිත් ළමයින්ට කෙණහිලි...

:       0       24

Ananda Friday, 04 August 2017 06:35 AM

දැන් ලංකාවේ සමහරක් ගුරුවරු, ගුරුවරු නෙමෙයි.... පාසල් දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, උදුරන් කන, ගසාකන පිරිසක් වෙලා. හරියට රටේ දේශපාලකයෝ වගේ.

:       0       15

Hafeel Friday, 04 August 2017 07:42 AM

දැන් රටේ තෑගි බෝග දෙන එක වැඩිවෙලා වගේ. සමහර අයට ආච්චිලා, ව්‍යාපාරිකයන් ගෙවල් තෑගි දෙනවා. සමහරුන්ට ලැබිච්ච තෑගි ගැනත් දන්නේ නැහැ හෝ මතක නැහැ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site