IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ’ඒ’ ශ්‍රේණියට උසස් වීමක්

ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානය (ජී.ඒ.එන්.එච්.ආර්.අයි) ඉකුත් දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ‘ඒ’ ශ්‍රේණියට උසස් කර තිබේ.


මෙම ගෝලීය සන්ධානය රට රටවල ජාතික මානව හිමිකම් ආයතනවල එකතුවක් වන අතර ජාතික මානව හිමිකම් ආයතන 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී සම්මත වූ ‘පැරිස් මූලධර්ම’වලට අනුව කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම ‘ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානයේ ප්‍රධාන කාර්යභාරය වේ. 

නීති හා රීති කටයුතුවලදී ජාතික මානව හිමිකම් ආයතනවලට දේශපාලන නිදහස තිබේද යන්න ‘පැරිස් මූලධර්ම’වලට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න විමසා බැලෙන ප්‍රධාන අවශ්‍යතාවයකි.

 

ජාතික මානව හිමිකම් ආයතන සඳහා සාමාජිකයන් තෝරාගැනීම සහ පත් කිරීම, සාමාජිකයන් ඉවත් කිරීම යනාදියේදී දේශපාලන බලපෑම් සිදුවනවාද එම කටයුතු සඳහා දේශපාලන නිදහස තිබෙනවාද යන්න මෙහිදි විමසා බැලේ. ඊට අමතරව ජාතික මානව හිමිකම් ආයතන සමාජය තුළ විවිධත්වය නිරූපණය කළ යුතු අතර ඊට ඇති පුළුල් වරම ඔස්සේ ජාත්‍යන්තර පිළිගත් මානව හිමිකම් ආරක්ෂා කිරීම, පරීක්ෂණ කිරීම සඳහා ප්‍රමාණවත් බලය සහ ප්‍රමාණවත් සම්පත් තිබේද යන ඒවාද ‘ඒ’ ශ්‍රේණියට උසස් කිරීමේදී සලකා බැලේ. 


මේ වසරේ ජනවාරි මාසයේදී රට රටවල ජාතික මානව හිමිකම් ආයතන 120ක් විමර්ශනයට ලක්වූ අතර ඉන් ‘ඒ’ ශ්‍රේණියට උසස් වූයේ ජාතික මානව හිමිකම් ආයතන 77ක් පමණි. ශ්‍රී ලංකාවට අමතරව ‘ඒ’ ශ්‍රේණියට උසස් වූ අනෙක් දකුණු ආසියානු රටවල් වනුයේ ඉන්දියාව සහ නේපාලයයි. එමෙන්ම ආසියා ශාන්තකර කලාපයේ රටවල් 15ක ජාතික මානව හිමිකම් ආයතන ‘ඒ’ ශ්‍රේණියට උසස් වී තිබේ.

 

නව මානව හිමිකම් කොමිෂන් සභාව පත්වී කර වසර දෙකහාමාරක් ඇතුළත ‘ඒ’ ශ්‍රේණියට උසස් වීමට ලැබීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පමණක් නොව ශ්‍රී ලංකා ජනතාව ද ලැබූ ජයග්‍රහණයක් යැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි.

 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය බව ඉල්ලූ ජනතාව ලැබූ ජයග්‍රහණයක් යැයි එම කොමිෂන් සභාව කියයි. ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි. 

 



අදහස් (2)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ’ඒ’ ශ්‍රේණියට උසස් වීමක්

Bamunuarachchi Friday, 01 June 2018 12:16 AM

ගොනාට අන්දනවා

:       0       0

Bamunuarachchi Friday, 01 June 2018 12:21 AM

ශ්‍රී ලංකාවේ මානව හිමිකම රැකෙන ගමන් මහා ජාතියේ සිංහල උරුමයත් රැකෙන්න ඕනේ අනිකාගේ මානව හිමිකම් රකින්න අපේ උරුමයන් පාවාදෙන්න සිංහල අපි සූදානම් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site