සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයයක් ඉදිරිපත් කර ඇත.
ජන ජීවිතයට බලපාන ප්‍රධාන විෂයයන් 21ක් මුල්කරගෙන එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
16 දෙනාගේ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට බලපෑ හේතු කාරණා ද ඊට ඇතුළත් වන බව හිටපු ඇමැතිවරයා කීය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ප්‍රේමජයන්ත් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව මෙම කියන "ප්‍රතිපත්ති ප්‍රකාශන" අප නම් පිටු ගණන් "සෑම තකතීරු පක්ෂවලින්ම" යහමින් දැක තිබෙන බව මේ අම්බරුවන්ටත් කීමට කැමැත්තෙමු. පහත සඳහන් කරුණු ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබේ නම් "සියලුම අම්බරුවන්ගේ ශරීර සුවයට" යෝග්‍යවනු නියතයි.1. මෙතෙක් කල් ගිලදැමූ සියලුම මහජන මුදල් නැවත අදාළ අායතනවලට (ශතයක්වත් නොඅඩුව) නැවත බාරදීම. 2. තම තමන්ගේ වත්කම් ප්‍රසිද්ධියේ එළිදැක්වීම. 3. එක් එක් අය විසින් තම තමන් මව්බිමට ද්‍රෝහිවීමේ අවස්ථා නැවත ආවර්ජනය කර මහජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම යන මූලික කරුණු තිබිය යුතුමය. (මෙම කරුණු රතු, කොළ, නිල් පාට වල සිටින සියලුම අම්බරුවන්ටත් අදාළ බවත් කිවයුතුයි.)
ප්‍රතිපත්තියක් නොමැති මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ නම් මහ ජනතා අාරක්ෂණයක් සහිත පිරිසක් ලෙසයි. ඔවුන්ට තියෙන්නේ තමන් ගැන අධිතක්සේරුවක්. සමහර අය ඡන්දෙන් පරාද වූ අය. මේ මිනිස්සු තමයි යහපාලන රජය විනාශ කළේ. කකුළෙන් ඇද්දේ. මේ සියල්ල කළේ මහින්දගේ වුවමනාවට. මේ කරන්නෙත් ඒ දේමයි. මේ 16 දෙනාගේම හැසිරීම වගේම දේශපාලනයට එනවිට සහ අදවනවිට.. ආර්ථික තත්වය අපි දන්නවා. පහුගිය වසර තුන පුරා මේ අය කළේ ආණ්ඩු කාපු එකයි.
දුන්නු දෙයක් කාලා ඉන්නේ නැතිව දැන් එස්.බී.ට සහ ඩිලාන් පෙරේරාලාට ජාතික ලැයිස්තුවත් දන්දීලා යන්න වෙන්නේ...
ප්‍රකාශ කරන්න දෙයක් නෑ. මේ ගොල්ලන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය රටම දන්නවා.
හිසේ කෙස් පැහෙනකම් ඔය ප්‍රතිපත්ති සඟවාගෙන හිටියද ? මහජතාව හිඟාකනකල් දේශය පාලු කරපු එකට අපේ ප්‍රණාමය. තවත් හදන්නේ ආපු ගමනම යන්න.
වසර 70ක් තිස්සේ තමුන්නාන්සේලා දුන් ප්‍රතිපත්ති මාලා මගේ පියාණන්ගේ පොත් රාක්කයේ තිබෙනවා. නැවත කියවා බලා වෙනසක් ඇත්නම් සලකා බලන්නම්.