(විනීතා එම් ගමගේ)
වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇතැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජේ.එම්.මංගල තිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්. සකලසූරිය, කෘෂිකර්ම, වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අයතන වල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ද විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ මහාචාර්යවරුන් කිහිපදෙනෙකු ද ඇතුළත් වේ.
මෙම කමිටුවේ පළමු රැස්වීම පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනයේ දී පැවැත්විණි.
දේශීය කෘෂි නිෂ්පාදන පද්ධතිය තුළ පාරිසරික සහ මානව සෞඛ්‍යට හිතකර වන තිරසර තාක්ෂණයන් නිර්මාණය කිරීම සහ ඒවා ව්‍යාප්ත කිරීම ප‍්‍රමුඛ කාර්යයක් සේ සලකනු ලබන අතර එහිදී මෙම ව්‍යාපෘතිය මගින් රටේ වත්මන් සහ අනාගත අවශ්‍යතා වලට උචිත වඩා දියුණු තාක්ෂණයන් හඳුනාගැනීම, වැඩිදියුණු කිරීම හා නව නිර්මාණ බිහිකිරීම අරමුණු කෙරෙන බවත් එම අරමුණු ජයගැනීම වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා මෙම ජනාධිපති මෙහෙයුම් කම්ටුව පත්කර ඇති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය කියයි.
වස විස නැති ගොවිතැනට අදාළ යෙදවුම් පරීක්ෂණ, වස විස නැති ගොවිතැනට අදාල වගා ක‍්‍රම පිළිබද පරීක්ෂණ, ප‍්‍රභේද වලට අදාල ගුණාත්මකභාවය පිළිබඳ පරික්ෂණ මෙන්ම ආහාර නිෂ්පාදනයට අදාළ වෙනත් පර්යේෂණ සම්බන්ධ විශේෂ ඉල්ලීම් ද සඳහා වන පර්යේෂණ කඩිනමින් ආරම්භ කිරීමට මෙම මෙහෙයුම් කමිටුව විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇත.
2025 දෙසැම්බර් මස 04
19
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වස විසෙන් තොර ගොවිතැනක් ඇති කිරීමට මෙහෙයුම් කමිටුවක්
ranga Wednesday, 21 March 2018 10:21 AM
දැන් කමිටු නැතිව එළවළුවක්, පළතුරක්වත් වගාකර ගන්න බැහැනේ...
Paliths Wednesday, 21 March 2018 11:23 AM
මොනවද වස විස කියන්නේ?
සෙනෙවි Wednesday, 21 March 2018 12:18 PM
ඒක වෙන්න ඇති ග්ල්යිෆොසේට් තහනම ඉවත් කළේ...