IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වාසුගේ පෙත්සම ජූනි 14 වැනිදාට කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන ජුනි 14 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29)තීන්දු කළේය.

 

වගඋත්තරකාර වරාය හා නාවික කටයුතු පිළිබඳ නව අමාත්‍යවරයාගේ උපදෙස් ලබා  ගැනීමට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමත් සමඟ එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම මෙදිනට කල් තබන ලදී.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ,චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම ,චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් , ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කරන ලෙසද , මේ සම්බන්ධයෙන් සකස් කර ඇති දළ ගිවිසුම අවලංගු කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි .
 



අදහස් (0)

වාසුගේ පෙත්සම ජූනි 14 වැනිදාට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site