තේ වගාව පත්ව ඇති තත්වයෙන් ගොඩගැනීමට වල්නාශකයක් අත්‍යවශ්‍ය වී ඇති බැවින් අපිට ග්ලයිෆොසේට් දෙන්න බැරි නම් වෙන දෙයක් හරි දෙන්න කියලා මම රතන හිමියන් ගෙන් ඉල්ලනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ප්‍රාදේශීය වැවිලි සමාගම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා වැවිලි සමාගම්වල උසස් නිලධාරීන් වෙනුවෙන් පැවති තේ කර්මාන්තයේ ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රම සැලසුම් පිළිබද වැඩමුළුවෙදී අමාත්‍යවරයා මේබව පැවසුවේය.
එම වැඩමුළුවේදී ඇමතිවරයා මෙසේද පැවසීය.
ග්ලයිෆොසෙට් තහනම ගැනත් විවිධ ප්‍රකාශ පළ වෙනවා. මම එහෙම අභියෝගවලට බයත් නෑ. එහෙම අභියෝග ඉදිරිපත් කරන්නෙත් නෑ. ඒ කියන්නේ මගේ කරුණු සම්බන්ධයෙන් අභියෝග කළොත් ඒ ගැන මම ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ ග්ලයිෆොසේට් ප්‍රශ්නය වෙනස්. මම ඒකට ග්ලයිෆොසේට් කියන වචනය පාවිච්චි කරන්නත් කැමතියි නෑ. මම කැමතියි වල් නාශකය කියන වචනය පාවිච්චි කරන්න.
වල් නාශකය අවශ්‍යයි. විශේෂයෙන්ම වාණිජ කෘෂිකර්මයට. ඒ කියන්නේ ගෙවතු වගාවට වල් නාශකයක් අවශ්‍ය නෑ. නමුත් හෙක්ටයාර 1000 සිට 3000 දක්වා වගා කරන සමාගම් හෝ ආයතන වලට මේක ඕනෑ. විශේෂයෙන්ම අධික මිලක් තියෙනවා මනුස්ස ශ්‍රමයට. ඒ නිසා වල් නාශකයක් අවශ්‍යයි.
ග්ලයිෆොසේට් කියන වල් නාශකය මනුෂ්‍යයන්ට අහිතකරයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කාසිජන් කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. මස් වර්ග හරක් මස් කාසිජන් තියෙනවා කියලා කියනවා. අපේ අසල්වැසි මිත්‍ර රටවල් වල ඉන්දියාව , ජපානය ඉතාමත් පරිසර හිතකාමී රටක්. නවසීලන්තය පරිසර හිතකාමී රටක්. ඒ අය මේ වල් නාශකය තහංචි කරලා නෑ. තාමත් පාවිච්චි කරනවා. ඉතිං අති බහුතර රටවල් ප්‍රමාණයක, රටවල් එකසිය අසූ ගාණක්ම, මේ වල් නාශකය පාවිච්චි කරනවා.
වල් නාශක ඉවත්කරන්න මම නෙවෙයි තීරණය කළේ. ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් තිබෙන ජාතික ආර්ථික කමිටුව තීරණයක් අරගෙන තියෙනවා වල් නාශක තහංචිය ඉවත් කරන්න. ඒ අනුව මම ක්‍රියා කරනවා.
රතන ස්වාමීන් වහන්සේ මෙයට එදත් විරුද්ධ වුණා. අදත් විරුද්ධ වෙනවා. උන් වහන්සේට ඒ අයිතිය තියෙනවා විරුද්ධ වෙන්න. නමුත් අපිටත් අයිතියක් තියෙනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න. “ යයිද නවීන් දිසානායක මහතා පැවසීය.
- 044
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් වල් නාශක ඕනෑ කියයි
Perakum Sunday, 18 March 2018 11:40 AM
නවීන් ඇමතිතුමා හරියට හරි. ඔය කියන වල්නාශකය තහනම් කරන්න ප්‍රමාණවත් සාධක කිසිවක් මෙතෙක් සොයාගෙන නැහැ. මේ වල්නාශකය හැදුව ඇමෙරිකානු මොන්සන්ටෝ සමාගමට එ්කේ අයිතිය නැතිවුණාට පස්සේ චීනය... එය මහා පරිමාණයෙන් හදන්න ගත්තා. දැන් ඇමෙරිකාව චීනයට ගහන්න මේකට විරුද්ධව ප්‍රචාරය කරනවා. ඕකයි ඇත්ත...
PerakumSunday, 18 March 2018 02:15 PM
අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තේ වගාවේ වල් මර්දනයට තිබු හොඳම වල් නාශකය මෙයයි. දැන් පොළව පහුරු ගා වල් ගැලවීම නිසා විශාල පරිසර හානියකින් පස සේදීයාමක් සිදුවේ. එසේම එය ඉතා වියදම් අධික කාර්යයකි. එමගින් තේ නිෂ්පාදන වියදම බෙහෙවින් ඉහළ යන අතර දැන් ලෝක වෙළඳපළට වෙනත් අලුත් රටවලින් අඩු මිලට එන තේ සමග තරඟ කිරීමට අපට නොහැකි වනු ඇත. කඳු බෑවුම් අධික ප්‍රදේශවල පිහිටි වගාවක් බැවින් ඉතා ඉක්මණින් මතුපිට පස සේදී ගොස් පස නිසරු වී තේ නිෂ්පාදනය තවදුරටත් පහත වැටෙනු ඇත. මේ කරුණු සැලකිල්ලට ගෙන අඩු වශයෙන් තේ වගාවට පමණක්වත් ග්ලයිෆොසේට් භාවිතයට අවසර දිය යුතුය. මේ පිළිබඳව නවීන් ඇමති තුමා දැඩි ලෙස ක්‍රියාත්මක වී ඉක්මන් පියවරක් ගත යුතුය. නැතහොත් එයා තවත් ඇමති රූකඩයක් වනු ඇත.
ධනුෂ්කSunday, 18 March 2018 03:43 PM
පැරකුම් කෙනෙක් රසායන විද්‍යාව ගැන දන්නවනම්. ග්ලයිපොසෙට් වල රසායනික සංයුතිය දන්නවනම් එ් කෙනාට තේරෙනවා එ්ක මේ පරිසරයට හොඳ නෑ කියලා. ඔබතුමාට එ් පිළිබඳ සාධක ඕනේනම් ග්ලයිපොසෙට් අවුන්සයක් විතර එ්කට අැති. මැරෙන්නෑ අවුරුදු දහයක් විතර ගියාම ටික ටික සාධක පෙන්නනවා.
PerakumMonday, 19 March 2018 08:58 AM
ධනුෂ්ක ග්ලයිෆොසේට් ගැන කියවා බලා දැනුවත් වෙන්න. අවශ්‍ය නම් අදාළ ලින්ක් එකක් දෙන්නම්. මේ වගේද උඩරට එළවලු ගොවියා. ඒ ගොල්ලන් ඉවක් බවක් නැතුව ගහන්න ඇති භයානක කෘමිනාශක ගැන කව්ද කතා කරන්නේ? ජල මූලාශ්‍ර විස වෙන්නේ ඒවා නිසා... කට්ටිය කතා කරන ඒවා දැක්කම දුකයි.
chanduli lehansha Sunday, 18 March 2018 12:43 PM
මිනිසුන්ගේ බඩගින්න නිවලා ඕනේ පරිසරය ගැන කතා කරන්න. රතන හිමි කියන්නේ. මේ රටේ තවත් එක් අයෙක් විතරයි. යහපාලනයේ කඩවුණු පොරොන්දු ගැන රතන හිමි කතා කරන්නේ කවද්ද..?
ධනුෂ්කSunday, 18 March 2018 04:01 PM
චන්දුලි හිතාගෙන ඉන්නේ ග්ලයිපොසේට් බිහි වුනාට පස්සේ මේ මිනිස් සමාජය බිහි වුණා කියලද? අවුරුදු දාස්ගානක් මිනිසුන් පැවතුනේ වසවිස නැති කෑම කාලා. එ් කාලේ මිනිස්සු වසංගත වලින් මැරුණා විනා.... කෑම නිසා ලෙඩ වෙලා මැරුනේ නෑ. ටිකක් වැඩි හිටියෙක්ගෙන් අහලා බලන්න. අපි වස විස වැඩිපුර කන්න ගත්තේ 78න් පස්සේ. එ්වගේ අතුරුඵල මටත් අැතුළුව ලැබෙන්න වැඩිකල් යන එකක් නෑ. මේ අැමතියො මේ කෑගහන්නේ රුපියල් හා සමාගම් වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් නොවේ. ලංකාවේ වැඩිපුරම දුක් විඳින ජනතාව ඉන්නේ තේ කර්මාන්තය තුළයි. අල, බතල කාලා හරි පවුලකට ලෙඩක් නැතුව ජීවත් වෙන එකයි වටින්නේ. මිනිස්සු ඉන්න හීන ලෝකවලින් බිමට බැහැලා කල්පනා කරන්න ඕනේ. මිනිසා භෞතික පරිසරය සංවර්ධන කරනවා සේම. එම පරිසරයේ ජීවත් වීමට යහපත් කායික හා මානසිකත්වය සහිත මිනිස්සු සිටිය යුතුයි කියලා. මිනිසා පිරිහෙනවා නම් වැඩක් තියනවද?
සතයපාල Sunday, 18 March 2018 01:03 PM
මහා පරිමාණයේ වගාවන් සදහා වල් නාශක කෘමි නාශක හා කෘත්‍රිම පොහොර යෙදීම අත්‍යවශ්‍ය උනත් තේ වගාව සම්බන්ධයෙන් මේවා හාවිතයේ ඇත්තටම ප්‍රශ්ණයක් තියෙනවා. මොකද ලංකාවේ තේ වගාව බහුලව සිදුවෙන්නේ මධ්‍යම කදුකරය ආශ්‍රිතව වීම නිසා. මේ කෘත්‍රිම රසායන බහුලව යෙදිමෙන් මධ්‍යම කදුකරයේ ජල මූලාශ්‍ර හා ජල සම්පත ශීඝ්‍රයෙන් දූෂණය වන බවත් මධ්‍යම කදුකරය හරහා රටේ අනිකුත් ප්‍රදේශ වලට ගලා බසින ගංගාවල මේ අහිතකර රසායනික ද්‍රව්‍ය මුසුවන බවටත් ඒ වගේ ඒ ජලය පරිහරනය කරන ජනතාව බෝනොවන රෝගවලින් පීඩා විදින බවටත් වන අවබෝධය හා විස්වාසය නිසා ගත් ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට වඩා දැන් කලයුතු වන්නේ විකල්ප ක්‍රියාමාර්ග සෙවිම හා අත්හදා බැලීම.
Sanath Sunday, 18 March 2018 01:31 PM
නවීන් දිසානායක ඇමතිතුමාගේ ගෙදර වත්ත පුරාම වල්නාශකය මාස 6 කට පාරක් දමලා පෙන්නනවා නම් අපිත් විරුද්ධ වෙන්නේ නැහැ...
samMonday, 19 March 2018 06:12 AM
සනත් , මම ග්ලයිපොස්පේට් අඩුම තරමින් සති දෙක තුනකට වතාවක් (ශීත ඍතුවේ හැර) මගේ ගෙවත්තේ වල් වැවීම වැලක්වීමට භාවිතා කරනවා . ලංකාවේ ගොවීන් මේ වල් නාශක නියමිත මාත්‍රාවට වඩා යෙදීමත් , හරි හමන් ආරක්ෂක උපක්‍රම පාවිච්චි නොකිරීමත් නිසා මේ ලෙඩ රෝග ඇතිවෙනවා. ඒකට ග්ලයිපොස්පේට් වලට දොස් කියලා වැඩක් නැහැ .
anura Sunday, 18 March 2018 01:41 PM
මේ කියන පුවත අනුව ග්ලයිෆෝසෙට් වල් නාශකය යොදන්න බලාපොරොත්තුවන්නේ තේ වගාවට නම් එක දෙයක් මතක් කරගත යුතුය. අපේ රටේ වැදගත් ජල පෝෂක සියල්ල ස්ථානගතව ඇත්තේ උඩරට ප්‍රදේශවලය. තේ වගාවද බහුලව ඇත්තේ එම ප්‍රදේශ වලය. ඒ අනුව මෙම ක්‍රියාව සිදුකළහොත් එහි අනිසි බලපෑම මුළු රටටම අත් විඳින්නට සිදුවේ. අතීතයේ දී මෙම වල් නාශකය භාවිතා කළත් දැන් එය තහනම් කර තිබීම හොඳ කාරණයකි. ලෝකයේ වල් නාශක ලෙස තිබෙන්නේ ඔය වල් නාශකය පමණක්ද?. පරිසරයට හා ජීවීන්ට අහිතකර නොවන වෙනත් විකල්ප වල් නාශක නැතිද? මුරණ්ඩුකමට හා අඥානකමට තීරණ ගෙන රටම වනසන්න එපා යැයි කියන ඉල්ලීම මම කරමි.
PerakumSunday, 18 March 2018 04:35 PM
අනුර මහතා වල් නාශක ගැන හොඳ අධ්‍යයනයක් කළොත් මැනවි. දැනට සොයාගෙන ඇති වල්නාශක වලින් මිනිසාට අවම හානියක් සිදුවන්නේ කුමකින්දැයි බලන්න. ග්ලයිෆොසේට් පසට ගැටුණු වහාම එහි ක්‍රියාකාරිත්වය බිඳී යයි. එහි කිසිඳු බැර ලෝහ හෝ වෙනත් හානිදායක සංඝටක නැත. ග්ලයිෆොසේට් බීමෙන් මිනිසාට දිවි නසාගත නොහැක. එහි ක්ෂීරපායි සතුන්ට ඇති විෂ ගතිය බින්දුවක් බව ඔප්පුකර ඇත.
nishantha Sunday, 18 March 2018 02:06 PM
රතන හාමුදුරුවෝ, පිනට හම්බෙච්ච පාර්ලිමේන්තු වරමත් අරන් රටේ නොදන්නා දෙයකට අත දාලා පොරක් වෙන්න හදනකොට, රටේ අපනයන ආර්ථිකේ වලපල්ලට යනවා.. විතරක් නෙමෙයි, ඒ හා බැඳුනු සියලුම මිනිස්සුන්ට බඩේ පාර වදිනවා. (වතු වල වැඩ කරන පොඩි මිනිහ දෙමළ හින්දද කියලත් සැකයි)
රවින් Sunday, 18 March 2018 05:15 PM
දේශපාලකයන්ගේ තීන්දු හා තීරණ ගැනීම් ගැන පොදු මහජනයා ටිකක් ඇස් ඇරගෙන බැලිය යුතුවේ. මෙතෙක් දවස් ගත්තු තීන්දුවල ප්‍රතිපල නිසා සියලුදෙනාම දැනටත් දුක් වේදනා විඳිනවා. කරුණාකර කෘෂි දේශපාලු තීරණ ගැන කෘෂි විද්‍යා හසලයින්ගෙන් හා පරිසර හසලයින්ගේ දැනුම පමණක් විමසා අනුමත කරන්න. ඔබලාගේ දුදරුවන්ට ජිවත් වීමට රටක් අවශ්‍යයි
රුවින් Sunday, 18 March 2018 07:40 PM
මතු පරම්පරාවට පිරිසිදු ජළ සම්පත අහිමි කිරීම අපරාධයකි.
සුනිල් ගීකියෙග් Sunday, 18 March 2018 09:12 PM
වල්නායක ෙපාෙහාර ගහන ගමන්ම නව ප්‍රවණතා ගැනත් හිතුෙවාත් ෙහාදයි ෙන්ද. දවසක අපේ තේ වල මිනිස් සිරුරරට අහිතකර විස අැති බවට පරික්ෂා කිරීම් කරන්න ගත් විට අපිට වෙළෙඳපොල නැතිවෙනවා.
Ranjith Silva Monday, 19 March 2018 06:17 AM
නවින් කොහොමත් රට ගැන නොව සමාගම් ගැන හිතන කෙනෙක් නිසා මේකත් ඒ වගේ වැඩක් කියල තමා හිතෙන්නේ. ඉස්සර අපි තේ හැදුවෙත් නැහැ. වල් නාශක ඕනේ උනෙත් නැහැ. දෙකම එපා. අපේ සංචාරක කර්මාන්තය සහ බුද්ධි ප්‍රබෝදය මාර්කට් කරන්න. තේ ඕනේ නැහැ. කුරුදු ගැන බලන්න.
siri Monday, 19 March 2018 08:19 AM
නවීන් මහත්තයෝ, මම අහන දේ ඔබ සම්බන්ධව නෙමේ. අද උදේ රාජිත කියලා තිබුණා රෝගීන් සඳහා බිලක් නිකුත් කරන බව... නමුත් අද හවස එකට පිළිතුරක් දෙන්න බලනකොට එ්කේ හෙඩ් ලයින් එක විතරයි තියෙන්නේ. මේකත් අර ඔය ගොල්ලන්ගේ තහනමක්ද? ඔය පරාජිත නිසා ඔබලාගේ ඡන්ද පදනම වලපල්ලට යන එක නම් වළක්වන්න බැහැ. කට ඇරියොත් පිට කරන්නේ අසුචි බව නොදන්නේද? වහාම මේ සම්බන්ධව ඔබලා යමක් නොකළොත් ඔබලාටත් අසුචි වලේ තමයි ඉන්න වෙන්නේ....
rocky Monday, 19 March 2018 08:51 AM
අනේ මහත්තයෝ, බොන්න නම් එපා!