IMG-LOGO

විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් නවත්වන්න ගොනු කළ රිට් පෙත්සම කල් යයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
විල්පත්තු  රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නැවත විභාගයට ගැනීම ලබන ජූනි 05 වැනි දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දෙන ලදී.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
 
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
 
පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිනද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.



අදහස් (6)

විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් නවත්වන්න ගොනු කළ රිට් පෙත්සම කල් යයි

sena Thursday, 08 February 2018 12:25 PM

එතකොට ඒ මිනිස්සු කරන්න තියෙන හානිය කරලා ඉවරයි. මේ දේසපාලුවෝ පරිසරය හෝ රට ගැන හිතන්නේ නැහැ. අඩු තරමින් අධිකරණයවත් හිතන්න ඕනේ.

:       0       98

Rasa Thursday, 08 February 2018 01:10 PM

අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහන්න.

:       0       2

surath Thursday, 08 February 2018 02:33 PM

ඇයි ජූනි, මාස හතරකටත් එහා, ඉතිරි ප්‍රදේශත් එලිපෙහෙළි කරන කම්ද???

:       0       53

Perera Thursday, 08 February 2018 05:57 PM

පාරවල් අවහිරකරගෙන හැමෝටම හිරිහැර කර කර කෑ කෝ ගගහා ඉන්න වෙලේ ඔන්න පලකට ඇති වැඩක් කරලා තියෙන්නේ අධිකරණය හමුවට ප්‍රශ්නය යොමු කරලා. නඩුව කල් ගියත් යුක්තිය ඉෂ්ට වෙයි.

:       5       10

sumith Friday, 09 February 2018 04:00 AM

පෙරේරා එතකොට ලෙඩා මැරිලා තියේවි

:       0       7

සංජීව Friday, 09 February 2018 04:13 AM

මෙහෙම නඩු කල් දැම්මහම මිනිස්සුන්ට ප්‍රශ්නය අමතක වෙනවා ඒක කරන්නයී හදන්නේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site