වසන්ත චන්ද්‍රපාල
අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මනාය අසල පුරාවිද්‍යා භුමියක් විනාශ කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි ඇතුළු සැකකරුවන් හයදෙනා ජුනි 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.මොහමඩ් පසීල් මහතා විසින් නියෝග කළේය.
වලතාපිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක භුමියක් මෙලෙස විනාශ කර ඇති බවට මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකරැවන් සමඟ මෙම විනාශය කිරිමට භාවිතා කරන ලද ස්කවේටර් යන්ත්‍ර දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.
පසුව පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා සහ පුරාවිද්‍යා නිළධාරින් මෙම භුමිය පරීක්ෂා කර මෙම භුමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නිගමනය කර තිබේ.
ඊයේ මෙම සැකකරැවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ විත්තියේ නිතිඥයින් විසින් මෙම සැකකරුවන්ට ඇප ඉල්ලීම් කලත් පොලීසිය විසින් මෙම පිරිසට චෝදනා පත්‍රයක් ගොනු කිරිමට කල් ඉල්ලනු ලැබිය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ ස්කවේටර් රියදුරන් වන දිමුතු කුමාර සෝමරත්න,මහරුෆ් මොහමඩ් සජීර් ,සහ ස්කවේටර් අයිතිකරුවන් වන ආදම්බාවා මහරුෆ්,උදුමා ලෙබ්බේ නිෂාම් සහ ඉඩම් අයිතිකරුවන් වන කල්මුන දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කලන්දර් ලෙබ්බේ මොහමඩ් රනීස් සහ අබ්දුල් රහිම් මොහොමඩ් නිෂාම් යන සැකකරුවන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුව කැලේ කපපු අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවනම් ..
පුරාවිද්‍යා විනාශයන් පිටිපස ඉන්නේ බලවතුන් වලකන්න නම් ආරක්ෂක අංශ වලට නිසි පරිදි භාර දිය යුතුයි.
රට වනසන නරුම මිනිසුන්... මෙවන් මිනිසුන් මේ රටට මහා ව්‍යසනයකි.
කමක් නැ තව දවස් දෙක තුනකින් එලියෙනේ