IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට නිකුත් කෙරේ

(නිමල කොඩිතුවක්කු)

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට  මුදාහැරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (2) පස්වරුවේ සිදුකෙරිණ.

වසරකට රුපියල් බිලියන සියයක් පමණ මින් ඉතිරි කරගැනීමට හැකි වෙතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ , අමාත්‍යංශ ලේකම් ජේ. ඒ රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (10)

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට නිකුත් කෙරේ

Kamal Koyrala Sunday, 02 August 2020 02:33 PM

හොඳ වැඩක්... දේශීය දේ ගොඩ නැගිය යුතුයි.

:       0       0

Amula Sunday, 02 August 2020 02:48 PM

දැනගන්න විදිහට නම් මේ කඩදාසි ටික චීනෙන් ගෙනැල්ලා කියලා මෙච්චර ඉක්මණට මේ වැඩේ කරන්න බැරිවෙයි කියලයි ආරංචිය...

:       0       0

damith Sunday, 02 August 2020 03:00 PM

රටේ කඩදාසි, ප්ලාස්ටික්, යකඩ හැම දෙයක්ම අතන මෙතන දාන්නේ නැතුව, පුච්චන්නේ නැතුව ක්‍රමවත්ව එකතු කරලා මේ වගේ ප්‍රතිචක්‍රීයකරණය කරන්න ඕනෑ. ඒ වගේම ගරාජ් වල තෙල්, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිසි විදිහට බැහැර කරන්න ඕනෑ...

:       0       0

raheem Sunday, 02 August 2020 03:35 PM

හොඳ වැඩක්... පුදුමයි මැතිවරණ කොමසාරිස් මේක නැවැත්තුවේ නැති එක...

:       0       0

Binnkunndaa Sunday, 02 August 2020 05:59 PM

බිලියන 100ක කඩදාසි, කතාව නම් හුළං පුම්බපු බැලුමක් වගේ..

:       0       0

puppa Sunday, 02 August 2020 11:58 PM

බොරු උප්පැන්න සහතික, හොර පාස් පෝර්ට් හදපු අයට ඔයවගේ ලොකු බොරුවක් කරන එක කජ්ජක් නොවේ.. මිනිසුනේ, තක්කඩියන්ට රැවටෙන්න එපා. සංදර්ශන කාරයෙක් විතරයි.

:       0       0

ranjith Monday, 03 August 2020 01:01 AM

රටේ ආයතන නැවත ගොඩගන්න එක සතුටක්..

:       0       0

MW.Sudath Mahinda Monday, 03 August 2020 01:53 AM

ඕවා තමයි කරන්න ඕන.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 03 August 2020 02:39 AM

මා සියලු දේශපාලනයෙන් තොරව සිතනා පතනා කෙනෙක්... මා සිතන්නේ පතන්නේ මාගේ බුදුපියාණන් වහන්සේගේ හා ශ්‍රී සද්ධර්මය අනුව. එහෙත් පොදුවේ සියලු දේශපාලන පක්ෂවල හොඳ නරක මා විසින් විවේචනය කොට තිබෙනවා. ඒ වගේම මේ ක්‍රියාව කවුරු කරත්, ඉතාමත්ම හොඳ දෙයක් බව සතුටු සිතින් පෙන්වා දීමට තරම් අප කාරුණික වෙමු. මෙවන් දේවල් වලින් රටට විශාල මුදල් සම්භාරයක් ඉතිරි කර ගත හැකියි නේද ?

:       53       21

sam Monday, 03 August 2020 08:33 AM

ඔය කම්හලත් චීනෙට හරි ඉන්දියාවට හරි විකුණමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 135 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 77 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site