නිමන්ති රණසිංහ
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සම්බන්ධ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකස් කර ලබන සැප්තැම්බර් මස 28 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අල්ලස් කොමිසමට නියෝග කළාය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථාපිත කර නොමැති තනතුරක් සඳහා එල් ඒ විමලරත්න යන අය පත්කර රුපියල් මිලියන 3.2 ක් රජයට පාඩුකර අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදුකළේ යැයි අල්ලස් කොමිසම හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා නගා ඇත.
COMMENTS
බලාගෙන යනකොට කෑගහන කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා...
ඊළඟ ඡන්දෙදී කිසිම ඇමැති තනතුරක් පෙර දරා නැති තරුණ මන්ත්‍රීවරු පක්ෂ භේදයක් නැතුව පාර්ලිමේන්තුවට යවමුද? කැමති පක්ෂයකට ඡන්දෙ දෙන්න. නමුත් මින් පෙර ඇමැතිකම් කරලා තියනවා නම් ඒ පුද්ගලයා ප්‍රතික්ෂේප කරමු...
මම හිතුවේ ඊළඟ මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන්න.. එයාටත් සුදුසුකම් තියනවා කිව්වම ඒ විහිළුවට කියලා. දැන් බලාගෙන ගියාම මෙයාටත් ඇත්තටම සුදුසුකම් තියනවනේ අපේ හාමුදුරුවනේ.