(අජන්ත කුමාර අගලකඩ)
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා අනිද්දා (07) කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීම මේ මස අට වැනි දා සිදු කිරීමට නියමිතය.
හෙට පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමත කෙරෙන හම්බන්තොට වරාය පැවරීමේ ගැසට් නිවේදනය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
වරාය පැවරීම පිළිබඳ විශේෂ විවාදයක් මේ මස අට වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd