(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විල්ලු විශාල ප්‍රමාණයක ජලය සිඳී යාමත් සමඟ මේ වන විට ඉදිකර ඇති කෘත්‍රිම පොකුණු සඳහා බවුසර් යොදා ගනිමින් ජලය දැමීමට කටයුතු කර ඇති බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසයි.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විල්ලු 42 කින් මේ වන විට 20 කට වැඩි ප්‍රමාණයක් ජල මට්ටම බරපතල ලෙස අඩුවී ඇති බවත් එසේම විල්ලු 14 කට ආසන්න ප්‍රමාණයක ජලය සම්පුර්ණයෙන් සිඳි ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක වරයා කීය.
උද්‍යාන පාලක වරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම විල්ලු අතරින් විල්ලු 8 ක ඉහල ජල මට්ටමක් ඇති බවයි .නමුත් ඔහු පැවසුවේ මේ වන විට මෝදගන් ආරු ආශ්‍රීත විල්පත්තුව උතුරු අභය භුමියේ ගැවසෙන වන සතුන් උග්‍ර ජල ගැටළුවකට මුහුණ දි ඇති බවයි .
උද්‍යානයේ බොහෝ ප්‍රදේශ තුළ තෘණ වියළි ගොස් තිබෙන ආකාරයත් මේ හේතුවෙන් තෘණ ආහාරයට ගන්නා වන සතුන් දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති ආකාරයත් දැක ගත හැකි විනි.
සිඳි ගිය විල්ලු ආශ්‍රීතව ඉදිකර ඇති කෘත්‍රිම පොකුණු සඳහා ජල බවුසර් ආධාරයෙන් ජලය ලබා දීමට විල්පත්තුව වන උද්‍යානයේ එළුවන්කුලම පිවිසුමේ වනජීවි නිලධාරීහු කටයුතු කරති .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ගස් කපන්න ඉඩදුන්නේ..................
වර්ෂ කාලයට ජලය රදවා තබා ගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් දියත් කිරීමේ කාලය එළඹී ඇත. ඒ සදහා පිට රැටියන් ශීත කාලයට සැරසෙන ලෙස අපටද වර්ෂයේ සැමදාම එන වියලි කාලයට කෙලෙසද හෝ මුහුණ දිය යුතුම බැවින් කල්තිය ඒසඳහා තණකොළ සකසා ගබඩා කිරීම, ජල ටැංකි සදා ජලය රදවා තබා ගැනීම. මොකද මෙය සත්ත්ව උද්‍යානයක් බැවින්, නිතරම නරඹන්නන් එන තැනක්. එනිසා වනසතුන් පෝෂණය සදහා මීට වැඩ රජය හා වන ජීවී කාර්යාලයන් පෙර සුදානම් විය යුතුමය. මහනුවර, නුවර එලිය වැනි තණකොළ බහුල ප්‍රදේශ වලින් තණකොළ ගෙනවිත් ගබඩා කල හැක. සත්ත්ව සංවිධාන සමඟ මේ සඳහා අවශ්‍ය උපදෙස් කල්තියා ලබාගෙන අසරණ සත්වයින් මහජන ප්‍රදර්ශනයට තබා මුදල් හම්බ නොකර ඔවුන් ආරක්ෂා කර ගතයුතු වැඩ පිළිවෙලක් සකස් කරන්න කාලය එළඹ ඇත.