(රොමේෂ් මධුෂංඛ)
මුදල් නෝට්ටු වලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීමේ ජාවාරමක් වටලා රුපියල් දෙලක්ෂ එක්දහසක ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත් බවට කිලිනෝචිය දිසා දූෂණ මර්ධන අංශය පවසයි.
කිලිනොච්චිය දිසා දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් දුම්රිය මාර්ගය අසළදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ කලිසම් සාක්කුවල තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 40 ක් සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 2 ක් හමු වී ඇත.
සැකකරු ඉන්දන පිරවුම්හල්, වෙළඳසැල් අසළ හා මත්පැන් අලෙවි ස්ථානවල සැරිසරා හොඳ මුදල් නොට්ටුවලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීම සිදු කැ ඇති බවට දිසා දූෂණ මර්ධන අංශය විසින් අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් දිසා දූෂණ මර්ධන අංශය විසින් පියවර ගෙන ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Mahee Friday, 03 May 2019 10:22 AM
හරි.., ඒ නෝට්ටු මාරුකරන මිනිහා ඇල්ලුවා කියමුකෝ... ප්ලෑන් කරපු මහ මොලකාරයා කෝ?