( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු විභාග කිහිපයක් ඉදිරි සෙනසුරාදා දිනවලදී යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව ලබන 30 වැනිදා සෙනසුරාදා සහා ජුනි 13 වැනි සෙනසුරාදා නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙලෙස එම සෙනසුරාදා දින දෙකේදී කැදවෙනුයේ කොරෝනා වසංගත තත්තවය නිසා ඉකුත් මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , ඇපැල පෙත්සම් හා රිට් පෙත්සම් කිහිපයකි.
මෙම නඩු කැදවීම් සම්බන්ධයෙන් අදාළ පෙත්සම්වල සියලු පාර්ශව වල නීතීඥවරුන්ට දැනුම දී ඇති බවද බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා කියා සිටී.
සාමාන්‍යයෙන් නඩු විභාගයන් සදහා ශ්‍රේෂ්ඨාධිකරණය කැදවනු ලබන්නේ සතියේ කාර්යාල දින වලදී පමණක් වන අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයන්හී එම අධිකරණ නඩු කැදවෙන ප්‍රථම අවස්ථාව මෙය වන බව නීති විශාරදයෝ පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විභාගයට නොගත් නඩු කිහිපයක් සෙනසුරාදා කැඳවයි