(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායකවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විපක්ෂයේ නිල අයිතිය බහුතර නියෝජනය බලය සහිත ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ මන්ත්‍රී වරු පිරිසක් කතානායකවරයාගෙන් ඉකුත් දා ලිඛිතව ඉල්ලීමක් කළහ.
විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලබන 7 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී කරන බව කතානායකවරයා එහිදී ඒ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කරන ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි ඉල්ලමින් කතානායකවරයාට බාරදුන් ලියවිල්ලට විපක්ෂයේ මන්ත්‍රීවරු 69 දෙනෙකු අත්සන් තබා ඇතැයි දැනගන්නට ඇත.
ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 දෙනෙකු සිටින අතර දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්පන්දන් මහතා නියෝජනය කරන දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණයි.
COMMENTS
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායක තනතුර ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලමින් සිටියි. දිනේෂ් ගුණවර්ධන සුදුසු බව පොහොට්ටුවේ මතයයි. වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර දරන්නේ එයට වඩාත්ම සුදුසු පුද්ගලයායි. ඔහුගේ කණ්ඩායම කුඩා වුවත් දූෂිතයන්ට ඔහු නායකත්වය දෙන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂයට පිරිස් බලය තිබුනට එම පිරිසෙන් බහුතරයක් අන්ත දූෂිතයන්ය... මාධ්‍ය ප්‍රකාශ පවත්වමින් ඉතා ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන මොවුන් පාර්ලිමේන්තුව තුළ පවා හැසිරීම නොදන්නා, සෙන්කෝලය ගැන කිසිවක් නොදන්නා නූගත් පිරිසකි. පාර්ලිමේන්තුවේ සිටින වැදගත් මන්ත්‍රීවරයකුවන දිනේෂ් ගුණවර්ධන මහතා අන්ත දූශිත, නූගත්, නිසි අධ්‍යාපනයක් නොමැති මැරයන් මෙන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන මෙම පිරිසට නායකත්වය දීම සඳහා මීළඟ විපක්ෂ නායක තනතුර ඉල්ලා සිටින්නේ නම් දිනේෂ් දූෂිතයින්ගේ සියලු ක්‍රියාවන් අනුමත කරන බවක් පෙනෙන්නට තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැර ගැනීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකරන්නේ දිනේෂ් ගුණවර්ධනත් දූෂිතයින් නැතිව ඔහුටත් අනාගතයක් නොමැතිබව පෙනෙන්නට තිබෙන නිසාද?
කතානායක තුමා අගමැති තුමාගෙන් අහල තිරණය දැනුම් දෙයි. ඒකාබද්ද විපක්ෂේ ය ඔය ලිපිය කෙලින්ම අගමැති තුමාටම දුන්න නම් වැඩේ ඉක්මන්.