(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ කතා කිරීමට විපක්ෂයට වැඩිපුර කාලයක් ලබා දුන්නේයැයි කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවී ගියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට කතා කිරීමට අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වීයැයි ද ඒ සඳහා අවස්ථාව දිය යුතු යැයි ද කතානායක කරු ජයසූරිය මහතා කීවේය.
එය අසාධාරණ බවත්, එලෙස කළහොත් පාර්ලිමේන්තුවේ සෙසු වැඩකටයුතු කරගෙන යෑමට නොහැකි බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
කතානායකගේ ස්ථාවරය වෙනස් නොවූයෙන් ඊට විරෝධය පළ කරමින් ලක්ෂමන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සභාවෙන් පිටව ගියහ. ඔවුන් ගිය පසු ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු ද පිටවී ගියහ.
21 වැනි දා තෙක් සභාව කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.
COMMENTS
ජරා පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්නනම් මේ වගේ අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි
එයාල හිටිය කියල , කරන්නේ අනුන්ගේ රෙදි හෝදන එකනේ.
ඊයේ දුන්න ගේමෙන් පස්සේ එන ඇනුම් බැනුම් වලින් බේරෙන්න දුන්න වෙන ගේම් එකක් දෝ කියලත් හිතෙනවා, මෙහෙම පුලුවන්ද පාර්ලිමේන්තුවක ජනතා ප්‍රශ්න රටේ ප්‍රශ්න කතා කරන්න ? අනේ මන්ද මෙහෙම දේවල්, ඉස්සර පක්ෂ විපක්ෂ උපහාසාත්මකව වාද විවාද කලා රටේ ප්‍රශ්න ගැන, දැන්නම් එක සම්පූර්ණයෙන් වෙනස්, පාර්ලිමේන්තු සම්ප්‍රධාය අතින් පයින් රණ්ඩු කරගැනීම වැඩයි පෙන්නේ.
අයෙත් ඉස්කෝලේ යැවිය යුතුයි.
"කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නවතා දමයි" ලංකාදීප ප්‍රවුර්තියක් --- විශ්වවිද්‍යාලය වසාදමයි. "විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති" ලංකාදීප ප්‍රවුර්තියක් - පාර්ලිමේන්තුව වසාදමයි . දෙතැනම විනය පිරිහී ගොසින්ය
අනේ මෙහෙම ඉර්ශියාවක් එදා ඉඳලම අපේ සිංහලය බළල්ලු වගේ එකාට එකා කා ගන්නවා