IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


විදේශයන්හිදී මියයන අයගේ ලේඛන කොළඹ නොයා හදාගත හැකි නව ක්‍රමයක්

විනීතා එම් ගමගේ

විදේශ රටවලදී මියගිය ශ‍්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී,  එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පහසු කිරීමේ වැඩපිළිවෙලක් විදේශ කයයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව හඳුන්වා දී තිබේ.

ඔවුන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප‍්‍රකාශ, අනන්‍යතා ලේඛන හා අනෙකුත් ලියකියවිලි ඉදිරියේ දී දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය පවසයි. 

මෙම ක‍්‍රවේදය හඳුන්වා දීමට පෙර, විදේශ රටවලදී මියගිය ශ‍්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදු කිරීමට අවසර ලබා දීමේදී හෝ අවශ්‍ය වන ලියකියවිලි කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත ඉදිරිපත් කිරීමට එම පුද්ගලයන්ගේ ඥාතීන්ට සිදුවිය. 

නව ක‍්‍රමය යටතේ,අදාළ ලියකියවිලි ළඟම පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඥාතීන්ට හැකි අතර ඉන් අනතුරුව එම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එකී ලියකියවිලි අවශ්‍ය කටයුතු සඳහා කොන්සියුලර් අංශය වෙත යොමු කෙරෙයි.

මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සියලුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට උපදෙස් ලබාදෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනටමත් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය වෙත හෝ යාපනයේ පිහිටි ප‍්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත හෝ නොගොස් ළඟම පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අවශ්‍ය ලියකියවිලි භාරදීමේ හැකියාව මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට මෙම නව ක‍්‍රමවේදය හරහා ලැබී ඇත.

දුර බැහැර පළාත්වල සිටින ජනතාව මෙම නව ක‍්‍රමය යටතේ විශේෂයෙන් ප‍්‍රතිලාභ ලබනු ඇති අතර පවුලේ මරණයක් සිදුව ඇති ශෝකජනක අවස්ථාවක කොළඹ හෝ යාපනය වෙත දුරගෙවා පැමිණීමද, අනවශ්‍ය ප‍්‍රමාදවීම් හා වියදම්ද මඟ හරවා ගැනීමට මෙම ක‍්‍රමයෙන් ඔවුන්ට අවස්ථාව සැලසේ.



අදහස් (0)

විදේශයන්හිදී මියයන අයගේ ලේඛන කොළඹ නොයා හදාගත හැකි නව ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site