(රංජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට සාමාන්‍ය පරිදි හෙට(21) පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන්නැයි දැනුම්දුන් බවද එම සන්ධානය කියයි.
විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කම්කරු දෙපාර්තමේන්තුවේදී කම්කරු ඇමැතිවරයා සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ හෙයින් තම වර්ජනය අවසන් කළ බව එම සන්ධානය සඳහන් කරයි.
විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින්ට 10%ත් 13%ත් අතර ප්‍රතිශතයකින් හා ලිපිකරු සේවකයින්ට 10%කින් ආදී ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංවිම පාලනාධිකාරිය එම සාකච්ඡාවලදී එකඟතාවය පළකර තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විදුලි සේවක වර්ජනය අවසන්
mahinda raja Wednesday, 20 September 2017 03:46 PM
ඔහොම ගිය එක හොඳයි. නැත්නම් මේ අය ගුටිකනවා.
කසුන් Wednesday, 20 September 2017 03:49 PM
එතකොට අර හොරකම්, වංචා හා නාස්තිය ගැන කියපු දේවල් ගැන...!? ඒවා කරගෙන ගියාට අවුලක් නෑ කිව්වද?
raviThursday, 21 September 2017 05:15 AM
ඒ හොරකන් නවත්තන්න කතා කරනවට රටේ සම හරක් (අදහස් පල කරන්නන්ගෙන්) කැමති නැහැනෙ. ඉතින් ඒ මිනිස්සුන්ට උනත් හිතෙන්නේ ඇති අපි පඩි වැඩි කර ගත්තනම් ඉවරයිනෙ අනෙක් ඒවා ගැන කතා කරලා මොකට බැනුම් අහනවද කියල.
Amal Wednesday, 20 September 2017 04:13 PM
වර්ජනය පටන් ගත්තේ අපේ විදුලි බිල අඩු කරන්න කියලා... අන්තිමට කොහොම හරි වැටුප වැඩි කරගත්තා.
ariyapala hewage Thursday, 21 September 2017 03:02 AM
සාපේක්ෂව බලනකල මෙම සේවකයන්හට ඉතාමත් අාකරෂනීය වැටුප් හිමිවේ. ඔවුන්ගේ සේවය වර්ජනය නමැති ආයුධය යොදාගෙන ඉහල තත්වයකට ඔසවා තබාගෙන තම මඩියම තරකරගන්නනවා. මෙය රටේ අවාසනාවන්ත තත්වයකි. එම සේවකයනුත් සාමාන්‍ය රජයේ සේවකයන් මෙන් සලකන්නේ නැත්තේ මොන හෙතුවටද ?
කාල් Thursday, 21 September 2017 06:18 AM
කිව්වේ දුෂණය නැති කරන්න විදුලි බිල වැඩිවීම නවත්වන්න වර්ජනය කරන්න කියල නමුත් ජනතාවට බදු බර. ජවිපෙ මොකද කියන්නෙ.
arnold Thursday, 21 September 2017 06:28 AM
දැන් CEB එක රස්සාවල් වලට ඉතා ආකර්ශනීය තැනක් දේසපාලුවෝ ලක්ෂ ගණන් පාගා අරන් CEB එක පුරවනවා එතකොට අපේ බිල වැඩිවෙනවා CEB එක කම්බස් වෙනවා.
M.P Sandaruwan Tuesday, 23 October 2018 05:00 AM
මට නම් කියන්න තියෙන්නේ ලැබෙන වැටුපට වැඩ කරනවා නම් අපිත් කැමතියි.