(රංජන් කස්තුරි )
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී අක්‍රමිකතා සහ දුෂණ රැසක් සිදුව ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (13) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
සයිටම් ආයතනයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව , උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිය වගකීම පැහැර හැර තිබෙන බවද රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අල්ලස් කොමිසමට කර ඇති එම පැමිණිල්ලේ සඳහන් වේ.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය වෙනුවෙන් විධායක සභිකයන් වන වසන්ත අල්විස් සහ අසෝක රන්වල යන මහත්වරුන් පිරිසක් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
COMMENTS
ඒක ඉවරවෙනකම් ගෙදරට වෙලා වර්ජනය කරන්න අපිට නිදහසේ පාරේ බැහැල යන්න .
මේගොල්ලන්ට තමුන්ගේ ළමයින්ගේ සුභ සිද්ධිය බලනවා මිසක් අනුන්ගේ ළමයින්ට වින කටින්න හදන්නේ ඇයි. මට තේරුම් ගන්න බැරි කාරණය ඒකයි. ඕකට තමයි කියන්නේ ඉරිසියාව කියල.
කුහකකම... මේ අය විදේශ ගතවන සිසුන්ගේ සුදුසුකම් ගැනත් බලනවද? අැයි ලංකාවට වෙන විදියක්... දැන් ටික කලකට කලින් හිටපු "එස්.එල්.එම්.සී." ලොක්කෙක් "සා.පෙළ ළමයි "මෙඩිසීන්" කරන්න පිටරට යැව්වා අමතකද?
මේ අයගේ ළමයි විතරයි වෛද්‍යවරු විය යුත්තේ. කුහක දෙමාපියන්...
පුදුම සයිටම් භීතිකාවක් , සල්ලි තියෙන මිනිස්සුන්ට තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේගොල්ලන්ගෙන් අවසර ගන්න වෙලා.
මේක දැන්වත් ඉවර කරගත්තොත් හොඳයි..