සිරාජ් හසීම්
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ සාක්කි දෙමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට ක්ලාන්තය සෑදීම නිසා අද (3) නඩු විභාගය මිනිත්තු 10කට අත් හිටුවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය.
බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී සාක්කි විභාගය පැවැත්විණි .
13 හැවිරිදි පාසල් සිසුවා මෙම නඩුවේ නව වැනි සාක්කිකරු වූ අතර ඊයේ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ තුන් වැනි සාක්කි කරු ලෙස ඔහු සාක්කි ලබා දීම ආරම්භ කළේය.
සාක්කිය ආරම්භ කර මද වේලාවකින් ‘මට ක්ලාන්තය වගේ‘ යැයි සිසුවා කී අතර ඔහුට සිහිසුන් වීම ළඟ බව ද පෙනී ගියේය. ඒ සමඟම මිනිත්තු 10කට සාක්කි විමසීම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.
මිනිත්තු 10කින් පසු සිසුවා යළි සාක්කි ලබා දුන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් අපේ සිංහල හමුදාවට, අහිංසක සිංහල ජනතාවට කෙතරම් අඩන්තේට්ටම්, තාඩන පීඩන සිදුකළාද?