IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

(ඩබ්. ඒ. පියතිලක)
ඵෛතිහාසික මැදිරිගිරිය වටදාගෙය සහිත පුරා විද්‍යා භූමියේ මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති අතර එහි පස් සහ අවශේෂ කොටස් පුරා විද්‍යා සහ කොන්ත‍්‍රාත්කරුගේ අනු දැනුම මත අලෙවි කරන බව ප‍්‍රදේශවාසිහු පවසති. වටදාගය අලුත්වැඩියා කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවත් වටදාගෙය අසන්නයේ කැනීම් සිදු කරන බැවින් එහි පස් පුරා විද්‍යා නිලධාරින්ගේ අනු දැනුම ඇතිව ට්‍රැක්ටර්වල පටවා අලෙවි කරන බවත් කියති.
මිට පෙර මෙහි රජකාරි කළ නිලධාරින් පුරා විද්‍යා භුමියේ කැනීමක් සිදු කළත්  එය පුරා විද්‍යා නිලධාරින්ගේ නිරික්ෂණය යටතේ සිදුවූ බවත් දැන් නිලධාරින් කැනීමක් සිදු කරන අවස්ථාවක දී ඒ අසලටවත් නොයන බවත් කියති.
මේ පිළිබඳ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා කියා සිටියේ පුරා විද්‍යා භුමියක පස් අලෙවි කළ නොහැකි බවත් වහාම ඒ පිළිබද පරික්ෂණ ආරම්භ කිරිමට ආදාල නිළධාරින් මැදිරිගිරියට එවන බවත්ය.

 



අදහස් (1)

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

SIRI Monday, 06 March 2017 07:28 PM

මොනවද විකුණගෙන නොකන්නේ? ඕක පිටුපස යමපලන අම්බට්ටයෙක් ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site