IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වගා හානි වෙනුවෙන් අක්කරයකට 40,000 ක් ගානේ ගෙවනවා - කෘෂිකර්ම ඇමැති

(දයාරත්න ඇඹෝගම)
 
හොඳ වැඩ කරලා බැනුම් ඇහුවත් අපි ඒක සන්තෝෂයෙන් බාර ගන්නවා. මොකද අපි දෙන දේත් ප්‍රයෝජනයක් ගන්න ගමන්, බැනලත් සතුටු වෙනවා නම් ඒකත් පිනක්.හොඳ කියලත් සමහරු සතුටු වෙනවා, සමහරු බැනලත් සතුටු වෙනවා.මනුස්සයෝ සතුටු කරන එකත් අපිට පිනක්. මේ ආණ්ඩුව හැමදාමත් ජනතාවත් එක්ක, ජනතාවාදීව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා අද (17) පැවසීය.

රුපියල් මිලියන 50 ක වියදමින් කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මගින් ඉදි කෙරෙන අනුරාධපුර කිරිඉබ්බන් වැව දක්වා ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

ඉදිරි කන්නයේ සිට වගා හානි වශයෙන් සෑම ගොවි මහතෙකුටම අක්කරයකට රුපියල් 40,000ක වන්දි මුදලක් ලබාදිමට කටයුතු කරනවා. වගා හානි වන්දි සදහා රුපියල් බිලියන දෙකක් වැය වෙනවා. පොහොර සහනාධාරය සඳහා බිලියන 36 ක් රජය දරනවා. මේ වන්දි මුදල ගෙවීම සිදු කරන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මතයි.

එතුමා තමයි අපට උපදෙස් දුන්නේ වගා හානිය විදියට අක්කරයකට රුපියල් දස දහසක් මදි. ඒ මුදල රුපියල් හතලිස් දහසක් කරන්න කියලා. ඒ අනුව තමයි අක්කරයක් වගා කරලා පුර්ණ හානියක් සිදු වුනොත් ඒ සඳහා රුපියල් හතලිස් දහසක් ගෙවීමට රජය තිරණය කලේ.මේ  සඳහා ගොවි ජනතාව ගෙන් රුපියලක් වත් අය කරන්නේ නැහැ.  

මොරගහකන්ද ව්‍යාපෘතියත් එක්ක මේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් ඇති වෙනවා. මොරගහකන්ද ජලාශයෙන් අපිට ජල බින්දුවක් ලැබුණත් නොලැබුණත් මොරගහකන්ද හරහා රටේ විශාල දියුණුවක් ඇති වෙනවා. මහ කන්නය පමණක් වගා කළ ගොවීන්ට යළ-මහ දෙකම වගා කරන්න මොරගහකන්ද ජලාශය හරහා හැකි වෙනවා. යල-මහ දෙකම වගා කරන්න පුලුවන් කියන්නේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.මේක තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රගතිය.



අදහස් (2)

වගා හානි වෙනුවෙන් අක්කරයකට 40,000 ක් ගානේ ගෙවනවා - කෘෂිකර්ම ඇමැති

Bamunuarachchi Tuesday, 17 April 2018 12:29 PM

කෘෂිකර්ම ඔෆිස් එකට ගෙවන ගානේ හැටියට ඕක මොකක්ද නේද? තාත්තාගේ සල්ලි නිසා කමක් නැහැ. අපේ බදු සල්ලිනම් තමයි අපට තිබෙන ප්‍රශ්නය... ඊට පස්සේ අපි 120 ගානේ කිලෝ එක ගන්නත් එපායැ. ඔය මොන මගුලක්වත් නැහැනේ ආසියාවේ හොඳම එක්කෙනා කීව විදිහට පිටරටින් හාල් ලාබෙට ගෙනත් දෙන්න පුලුවන්නේ. වතුර ප්‍රශ්නත් නැහැ.. වගා පාලු ප්‍රශ්නත් නැහැ.. පොහොර ප්‍රශ්නත් නැහැ.. කොටින්ම ගොවි ප්‍රශ්න කිසිවක් නැත. ඔයගොල්ලොත් හැපී... අපිත් හැපී...

:       1       3

Raveendra Tuesday, 17 April 2018 01:17 PM

මල්ලියේ ඉස්සෙල්ලම අර මොකක්ද අවුලක් තියෙන ගොඩනැගිල්ලේ හුටපටේ විසඳලා අපට පෙන්නන්නකෝ... නිකන් පිනට කකා බිබී ඉන්නේ නැතුව... තේරුණාද? අඩු තරමින් බයිලා "කියවන කොට" රචනාවක් කියවනවා වගේ ලස්සනට කියවන්න පුරුදු, පුහුණු වෙන්නකෝ මල්ලියේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site