විනීතා එම් ගමගේ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා ජාතික විගණන පනත ගෙන එන්නට ප්‍රමුඛත්වය දෙන්නැයි සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
විසිවන සංශෝධනය ලෙස සංශෝධන රහිතව විගණන පනත ගෙනෙන්නැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කියන ජනතා විමුක්ති පෙරමුණෙන් තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවැසුහ.
සුමංගල හිමියෝ මේ අදහස් පළ කළේ රාජගිරියේ දී අද පැවැති මාධ්‍ය හමුවක දීය. දූෂණ විරෝධී පෙරමුණෙන් කැඳවා තිබු එම මාධ්‍ය හමුවේ දී තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීහ.
‘‘නීතිය ක්‍රියාත්මක කරන්න රටට මේ පනත් ඕනෑ. ඒ වෙනුවෙන් කැප වන ලෙස අපි සියලු ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.
රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට අපේ බලවත් අප්‍රසාදය පළ කරනවා. ඔහු දේශද්‍රෝහියෙක් ලෙස සැළකිය යුතුයි. ඔහු රණවිරුවන් ගැන කළ ප්‍රකාශ දේශද්‍රෝහී ප්‍රකාශයි. එය රාජිත සේනාරත්න ලෙස කළ ප්‍රකාශයක් නම් කමක් නැහැ. එදා සිට යුදධය දුටු ඊට මුහුණ දුන් කෙනෙක් වුණ ඔහු ඒ ප්‍රකාශය කළේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙසයි. මේ වගේ දේශද්‍රෝහී ප්‍රකාශ කරන කෙනෙක් මේ මාධ්‍ය ප්‍රකාශක පුටුවේ ඉඳගත යුතු නැහැ. ඒ වගේම මේ වගේ නුසුදුසු ප්‍රකාශ කිරීමට රජයේ බලධාරින් ඉඩ දීම පිළිබඳවත් බලවත් අප්‍රසාදය පළ කරනවා.
ඉකුත් මාධ්‍ය හමුවේ දී අපි හෙලිකළා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් පවුලට අයත් මෙන්ඩිස් සමාගම ගෙවීම පැහැර හැරලා කියලා. මේ මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර දීම අත්හිටුවලා තිබුණා. දැන් හිටි අඩියේ මේ හිඟමුදල යුවලක් ගෙවල තියෙනවා.
ඒ අනුව කෝටි 400 කට වැඩි මුදලක් මේ තරම් ප්‍රමාණයක් මුදල් පරිහරණය කරන කෙනෙක් නම් ඒ අය බදු මුදල් ගෙවා ඇත්දැයි බැලිය යුතුයි. ඒ වගේම හෙලිවෙලා තිබෙනවා මෙන්ඩිස් සමාගමේ මුදල් දේශපාලකයන්ට දුන් බව. කෝප් සාමාජිකයන්ට පවා පගාව දීල තිබෙනවා. මේ මුදල් එන හැටි හොයා බලන්න කියා අපි ජනාධිපතිතුමන්ගෙන් අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.‘‘
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විගණන පනත ගේන්න ප්‍රමුඛත්වය දෙන්න
සතයපාල Friday, 18 May 2018 02:32 PM
අවසරයි අපේ හාමුදුරුවනේ, විගණන පණත ආයේ අලුතින් ගේන්න දෙයක් නැහැ. ඒක හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක විවාද කරලා සම්මත කර පාර්ලිමේන්තුවේ ඉන්න අළුත් හොරුයි, පරණ හොරුයි එකට එකතුවෙලා අවහිර කරගෙන ඉන්නවා. ඒකට ජ.වි.ප. යට කරන්න දෙයක් නැහැ. මොකද රටේ ජනතාව බහුතර බලයක් දීලා නැහැනේ.. ජ.වි.පෙ.ට ඒ කාරණය සක්සුදක් සේ රටට පැහැදිලි වෙලාවක ඔබ වහන්සේ මේ කථාව කියන්නේ මොකද කියලා මම මේ කල්පනා කරන්නේ... මට හිතෙන්නේ බොරුවට නිදාගෙන ඉන්න අයව ඇහැරවන්න බැහැ කියලයි.
Raveendra Friday, 18 May 2018 02:59 PM
පිං බත් ගිලින සහ පිනටම සුර සැප විඳින දියවන්නා ඔය නරකාදියේ ඉන්න කිසිදු අම්බරුවෙක් මෙම පනත ඉදිරියට ගෙනඒම තියා ඒ ගැන කතා කිරීමත් නොකරන බව ස්ථිරයි.
gayan Friday, 18 May 2018 10:39 PM
පනත සම්මත කරන්න ප්‍රමාදවීමට නිෂ්චිත හේතුව මම දන්නෙ නෑ. හැබැයි පනතෙ මුල් කෙටුම්පත කියවන්න මට අවස්ථාව ලැබුන. මුදල් අවභාවිතය පිළිබඳ රජයේ නිලධාරියෙකුට චොදනාවක්ම් ගෙනඒමට අමතරව එම මුදල පෞද්ගලිකව අයකරගන්නත් විගණකාධිපතිට පනතෙන් බලය ලැබෙනවා. අභියාචන බලයත් විගණන කොමිසමේ සභාපති ලෙස ඔහුටමයි. චොදනාවත්ද කරල, දඩුවම් කරල අභියාචනයත් එතුමටම යොමුකරන්න වෙනවා.එයින් සෑහිමකට පත්ද නොවන අවස්නාථාවක උසාවිගනෙ යන්වනවෙන්නෙත් ඒ නිළධාරිටමයි. මෙවැනි ක්‍රමයකින් විගණන නිළධාරීන් පගාගහන්න පුරුදු වනොත් රාජ්‍ය පරිපාලනයට මොකද වෙන්නෙ. එයාල ගැන හොයන්නෙ කවුද. එයාලට විරුද්ධව චොදනාවක් කරන්න ද්‍යෛිමත්වන රජයේ නිළධාරියා කවුද? එලව එලවා පලිගැනීසෙන් බේරෙන්න කාට පුළුවන් වෙයිද? ඒ නිසා මේ පනත විධායක ජනාධිපති ක්‍රමයට වඩා භයානකයි අආගතයෙදි මේ පනතෙ බරපතලකම ඔය සාදුටත් තේරෙයි. ඉවසීමෙන් පළල් සංවාදයකින් මේ වගේ පනතක් ගේන්න ඔන. ඒවා දේශපාලන තින්දු නොවිය යුතුය.
RaveendraSaturday, 19 May 2018 05:06 AM
ගයාන් මයා වෙත, ඔබ විසින් මෙම පනත පිළිබඳව දක්වා ඇති අදහස් ගැන අප ස්තුතිවන්ත වන්නෙමු. ඔබ සඳහන් කළ පරිදි "මෙවැනි ක්‍රමයකින් විගණන නිලධාරීන් පගාගහන්න පුරුදු වුනොත් " යන වාක්‍ය ඉතාමත්ම වැදගත්ය. මක්නිසාද අප මොන ආකාරයේ රටේ දියුණුව වෙනුවෙන් එන පනත් ගෙනත් සම්මත කර ගත්තත්.. අප රටේ පුරවැසියන් අවංක නොවේ නම් එම පනත්වලින් කිසිදු වැඩක් නැතිබව නොවේද? එම වාක්‍යයෙන් ගම්‍යවන්නේ රටේ මුල් පුරවැසියාගේ සිට සියලුම පුරවැසියන් (ඔබත්, මාත්, අපත් ඇතුළුව) වංකයින් බව නොවේද? ඇත්තෙන්ම ඉහත සඳහන් කළ පරිදි රටේ දියුණුව වෙනුවෙන් මොන නීතිය ගෙනාවත් රටවැසියා අවංක නොවේ නම් එම නීති පොතට පමණක් සිමාවිමක් නොවේද? හොඳම සහ ලඟම උදාහරණ වන්නේ මාර්ග නීති රීති.... එවන් උදාහරණ ඕනෑතරම් ඉදිරිපත් කළ හැකිය.