IMG-LOGO

ලසන්ත ඝාතනයේ සාක්කි විනාශ කළැයි පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

තරිඳු ජයවර්ධන

 

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 

ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොල්සියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවයි.

උප පොලිස් පරීක්ෂකගේ සම්පූර්ණ ප්‍රකාශය රහස් පොලිසිය පෙබරවාරි දෙවැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි. 

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන රහස් පොලිසිය ඇමැති සරත් ෆොන්සේකාගේ, ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ, මර්වින් සිල්වා මහතාගේ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

 



අදහස් (5)

ලසන්ත ඝාතනයේ සාක්කි විනාශ කළැයි පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Thursday, 15 March 2018 11:05 AM

මෙම ඝාතනය සිදුවුනේ මොහු යම් ගණුදෙනුවක් ගැන එළි කරන්න ගිය නිසා නේද? එසේනම් මෙයට අණ දුන්න කෙනා කවුද කියලා හිතා ගන්න පුළුවන් නේද? බැමි කඩලා දානවා වගේ මිනිස් ජීවිතත් නැති කරන්න පුළුවන්ද?

:       0       0

Ruwan Thursday, 15 March 2018 11:06 AM

ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ. අඩුම වශයෙන් සාක්ෂි ගන්නවත් උනන්දුවක් නැති බවයි පේන්නේ...

:       0       0

සතපාල Thursday, 15 March 2018 11:10 AM

කාගේ වුවමනාවටද සාක්ෂි විනාශ කළේ කියලා වහාම හොයන්න. 2020 ජනාධිපති අපේක්ෂකයා මේකට හවුල් නම් ඉක්මණට පරික්ෂණ අවසන් කරලා නඩු පවරන්න. බැරි වෙලාවත් එයා ජනාධිපති වුනොත් පරික්ෂණ කළ නිලධාරින්ට සුදු වෑන් පිහිටයි.

:       0       0

Lapaya Thursday, 15 March 2018 12:23 PM

ඡන්දෙ ලගදි එනවා වගේ.

:       0       0

Rohana Friday, 16 March 2018 01:20 AM

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවේවිද? පිළිතුර නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site