IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන්

දැනට ලැබී ඇති තොරතුරු අනුව බටහිර ලන්ඩනයේ උතුරු ග්‍රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පසු 58 දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.ඔවුන් මිය යන්නට ඇතැයි ද පොලිසිය අනුමාන කරයි.

“මේ සංඛ්‍යා තවදුරටත් වැඩිවිය හැකියි” යැයි නගර පොලිසියේ අණදෙන නිලධාරී ස්ටුවර්ට් කන්ඩි මහතා පැවැසීය.

ගින්නෙන් මියගිය ගණන 30ක් යැයි පොලිසිය අද (18) තහවුරු කළේය.පිළිස්සුම් තුවාල ලැබූ 70කට ආසන්න පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කීවේය.

සම්පූර්ණයෙන් විනාශ වූ  නිවාස සංකීර්ණවලට පිවිසියද සුන්බුන් ඉවත් කිරීම ආදී සියලු කටයුතු අවසන්වීමට සති කිහිපයක් ගතවනු ඇතැයි ද අණදෙන නිලධාරී ස්ටුවර්ට් මහතා පැවැසීය.

ගින්න නිසා පීඩාවට පත් ජනතාවට මුල් පැය කිහිපයේදී  ලැබුණු සහාය ප්‍රමාණවත් නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කළාය. ස්වේච්ඡා සේවකයන් සහ ගින්න නිසා නිවාස අහිමි වූවන් පිරිසක් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය ඒ බව කීවාය.

මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා එකම අවුල් ජාලයක් යැයි නිවැසියෝ චෝදනා කළහ. එමෙන්ම ගොඩනැගිල්ලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ද නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබිණි. ගින්නෙන් පසු ලන්ඩන් නුවර විරෝධතා කිහිපයක් ද පැවැත්විණි. ගින්න සම්බන්ධ සිදුවීමේදී බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්දයෙන් අගමැතිනියට පවා චෝදනා එල්ල වී තිබිණි.

සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ මහජන විමර්ශනයක් කරන්නැයි අගමැතිනිය ඉකුත් දා නියෝග කළ අතර ඒ සඳහා විනිසුරුවරයකු ඉදිරි දින කිහිපයේදී නම් කරන බව කීවාය. මෙම ගින්න සම්බන්ධයෙන් වන වාර්තාවක් ද ඇය විසින් කැඳවනු ලැබ තිබේ. එපමණක් නොව මෙවැනි ගොඩනැගිලි සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන්  කඩිනමින් වාර්තා සකසන ලෙසද බ්‍රිතාන්‍යය අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දී තිබූ බව වාර්තා විය.

(රොයිටර්/ඒ.එෆ්.පී-055)



අදහස් (2)

ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන්

Nandalal DE SILVA - France Sunday, 18 June 2017 07:36 AM

අපේ ශ්‍රී ලංකාව පුරාම හතු පිපෙන්නාක් මෙන් ඉදිවෙන මහල් නිවාස සංකීර්ණවල මෙවැනි තත්වයක් ඇති වුණොත් ඒවායේ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සපයන්නේ කෙසේද ? කුඩා පරිමාණයේ නිවෙස්, සාප්පු සංකීර්ණවල ආදී ස්ථානවල ඇතිවන ගිනි අනතුරු "ගිනි සෙබළුන්", (ගිනි නිවන හමුදාවට මෙරටේ කියන්නේ එහෙමයි !) විසින් කාර්යක්ෂම ලෙස නිවාදමා, ජනතාව බේරා ගත්තත්, අහස සිඹින මහල් නිවාස වල සිදුවන ගිනි අනතුරකට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ගිනි නිවන හමුදාව සූදානම් ද ?

:       0       8

anura Sunday, 18 June 2017 09:08 AM

එකමුතු වන ජනතාවක් අපේ රටේ ඉන්නවා. වතුර බාල්දි ගසා හෝ මීට පෙර මෙය නිවා දමන්න අපේ රටේ මිනිස්සු හපනුන් තමයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site