(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට බලකිරීම උදෙසා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අද (28) කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පෙත්සමක් අත්සන් කළේය.
රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුපට එකතුකරන ලද රුපියල් 5000 මුදල ශ්‍රී ලංගම සේවකයන්ගේ මුලික වැටුපට එකතු කරන ලෙසත්, නව බස්රථ ලබා දෙන ලෙසත් ,ලංගම ආරක්ෂාව පුද්ගලික සමාගම්වලට පවරා නොදෙන ලෙසත් හා ලංකා ගමනා ගමන මණ්ඩලය ‘ශ්‍රී ලංගම දෙපාර්තමේන්තුව‘ බවට පත්කරන ලෙසත් ඉල්ලමින් ඔවුහු මෙම පෙත්සම අත්සන් කළහ.



COMMENTS
ලංගම ඔහොමම තියෙද්දී ප්‍රවාහනය සඳහා 60 - 40 යටතේ අර්ධ රාජ්‍ය ප්‍රවාහන සේවයක් පටන්ගන්න. පුද්ගලික ආයතන 60% රජය ආයතන වලට 40 % ..විදුලි දුම්රිය සුඛෝපභෝගී බස්රථ සේවා මේ ආයතනයට පැවරිය යුතුයි.
දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම ඉතාම වැදගත් ඉල්ලීමක්. එමගින් දේශපාලන පත්වීම් අවම කිරීමට හැකිය. ලංගමට තියෙන ලොකුම ගැටලුව උපරිමයෙන් දේශපාලනීකරණය වීම. එකට එදා ඉදල රට පාලනය කල සෑම ආණ්ඩුවක්ම වග කිව යුතුයි
මිට කලින් සමයේ මාස හතර පහ පඩි නැතුව හිටියා ඔබතුමාලට මතක නැතුව වගේ.....