IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ලිංගික බලපෑමට ලක්වූ කොස්තාපල් මාරු කිරීම ගැන පොලිස්පති වාර්තාවක් කැඳවයි

තරිදු ජයවර්ධන
 
පොලිස් පරීක්ෂකවරයකුගෙන් එල්ල වූ ලිංගික බලපෑම් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක වත්මන් තත්ත්වය ගැන තොරතුරු පනතින් තොරතුරු ඉල්ලූ  පොලිස් කොස්තාපල්වරයකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ නිසි විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 
‘‘උසස් නිලධාරීන්ගෙන් සිදුවූ අසාධාරණයක් මැයෙන්‘‘ එම පොලිස් කොස්තාපල්වරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් එම කොමිසම පොලිස්පතිවරයාට යොමු කර ඇති අතර පොලිස්පතිවරයා විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම් දී ඇත්තේ එම අභියාචනයට අනුවය.
 
මෙම කොස්තාපල්වරයාට ලිංගික බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු පසුගිය මාර්තු 15 වැනි දා අදාළ පොලිසියේ ස්ථානාධිපතිට දැනුම් දී ඇති අතර ස්ථානාධිපතිවරයා ඊට පසු දිනම ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු හරහා කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට වාර්තා කර තිබේ. 
 
ඒ අනුව ප්‍රකාශ ලබා ගෙන එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ සිද්ධියෙන් මාස දෙකකට පසු මැයි 11 වැනි දා බවත්, විමර්ශනය යළි යටපත්වූයෙන් එම කොස්තාපල්වරයා තොරතුරු පනතින් විමර්ශනයේ තොරතුරු විමසා ඇති බවත්, එම ඉල්ලීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින් ඔහු වෙනත් පොලිසියට ස්ථාන මාරු කරනු ලැබ ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


ලිංගික බලපෑම් කළ බව  සහ ඒ ගැන කළ පැමිණිලි ඉවත් කර ගන්නැයි බලපෑම් කළ බව කියන හඩපට කිහිපයක් ද සීඩී තැඩියක ගබඩා කර එම පොලිස් කොස්තාපල්වරයා උසස් පොලිස් නිලධාරීන්ට බාර දී තිබේ.
 
මේ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසු බදුල්ල කොට්ඨාසයේ සිට වෙනත් පොලිස් කොට්ඨාසයකට ස්ථාන මාරු කර තිබිණි. එලෙස ස්ථාන මාරු කළේ බදුල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලිපියක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමක් අනුව බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සදහන් කරයි.
 
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇති බැවින් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විමර්ශනයක් පවත්වා නිලධාරියාට අසාධාරණයක් වී තිබේද යන්න පිළිබදව සොයා බලා පොලිස් මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි.



අදහස් (5)

ලිංගික බලපෑමට ලක්වූ කොස්තාපල් මාරු කිරීම ගැන පොලිස්පති වාර්තාවක් කැඳවයි

KANDEPOLA Saturday, 08 September 2018 06:08 AM

කොස්තාපල් ගොඩක් ලස්සන ඇති.

:       0       8

චාන්දනී ද සිල්වා Saturday, 08 September 2018 11:33 PM

පොලිස්පතිතුමාත් ඒ වර්ගයේම එක්කෙනේක්ලුනේද.

:       76       112

karunarathna Sunday, 09 September 2018 12:22 PM

අපෝ ඔව්, ඔයා දැන්ද දන්නේ..? රටේ කවුරුත් දන්නවනේ ඒ ගැන...

:       0       10

Nimal perera Sunday, 09 September 2018 03:58 PM

අනේ මන්දා පොලිසියටත් දෙවියන්ගේම පිහිටයි.

:       0       13

සාජන් නල්ලමලේ Sunday, 09 September 2018 12:20 PM

ඔව් පොලිස්පතිතුමා තමයි ඔය.. රිසි ක්‍රමය පොලිසියට හඳුන්වලා දුන්නේ. හැබැයි ඔක්කොටම කලින් භාවනා කරලා ඉන්න ඕනෑ.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 670 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 549 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site