(බිමල් ශ්‍යමන් ජයසිංහ)
ගල්කිස්ස ගොඩනැගිලි ඉදිකරන වැඩ බිම් වලට සහ නිවාස වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී ලක්ෂ පහකට අධික දේපළ සොරා ගත් බව කියන බඩෝවිට බබී නැමැත්තා අද (01) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
එලෙස සොරා විවිධ වර්ගයේ විදුම් යන්ත්‍ර, ජංගම දුරකතන විස්සකට ආසන්න ප්‍රමාණයක් පිත්තල පහන්, රීදි භාණ්ඩ, වයර් රෝල් ඉතා වටින ජලනල කරාමයක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් මාස කීපය තුළ ප්‍රදේශයේ වැඩබිම් හා නිවාස වලින් දේපල සොරා ගැනීම එක පිට එක වාර්තා වීම සම්බන්ධ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටියදී ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එලෙස සිදු කළ සොරකම් අටක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණු බව පොලිස් නිලධාරීයකු පැවසීය.
එලෙස සොරකම් කරන ලද දේපළ ගල්කිස්ස පොලිස් වසමේ අඩු මුදලට විකුණා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ 5 ක දේපළ සොරා ගත් බඩෝවිට ‘බබී’ අත්අඩංගුවට